කලා වැව සිපගන්න
කලා වැව සිපගන්න
ඇසළ සඳ කිරණ යට
දෙඞුව මුතු පබළු වැල් හඬනවා...
මා දමා ඔහු ගිහින්
යළි නොයෙන ලෙසින් දුර
ඇසළ සඳ යට මෙමා තනිවෙලා...
අපේ පෙම් රහස් ගැන
දැන උන්නු මල් පොකුරු
පුදුමයෙන් පිබිද බලනවා...
සුදුවතින් සැරසීලා
හඬන මා දෙස බලා
රෑ කුමරි මල් සොවින් මැලවෙනා...
කලා වැව තරහ නොවි
ඕලු මල් පුබුදන්න
නිමල නිර්මල සුවඳ ගල්වලා...
හිමිදිරියෙ මට ඉතින්
ඔහු වැළලු සොහොන් බිම
මල් වලින් පුරවන්න පේවිලා...
--
ගායනය: මේකලා ගමගේ
සංනාද: රේණුක ශ්‍රියන්ත
ගේය කාව්‍ය: එරංගා පෙරේරා
නාද සංකලනය: චලිඳු සංකල්ප
October 7, 2023 at 6:02 PM
අනේ ඒ කවිය හරිම දුකක්නේ ගෙන එන්නේ!?
October 8, 2023 at 11:42 AM
ඔව් ඉතින්, දුක නම් තමා...
October 8, 2023 at 6:41 PM
ලස්සනයි නිර්මාණය
ජයවේවා
October 9, 2023 at 7:59 AM
ස්තූතියි දුමින්ද...
October 10, 2023 at 11:32 AM
Beautiful! Keep writing, Eranga! Sriya
October 10, 2023 at 1:25 PM
Thanks Sriya Akka...