හදවත නතර කළ හඬ


මර බයෙන් කෑ ගහන 
ඡායාරූපයකටත් 
පුළුවන්,
හදවතක් සියක් කෑලි 
කරවන්න...

හයක් හතරක් නොතේරෙන 
පොඩිම පොඩි 
හුස්ම පොදකටත් 
පුළුවන්,
දෙනෙත සාගරයකටත් වඩා 
පුරවන්න...

සතර අපායම 
සිඟිත්තෙක් අභිමුව
නින්නාද නගනකොට,
මොහොතකටවත්...
නතර නොමවෙන හදවතක්
ඉතින් වේද මේ ලොව තවත්...

5 Response to "හදවත නතර කළ හඬ"

  1. දුමින්ද අබේසේකර says:
    October 12, 2023 at 6:30 PM

    රුවත් අදහසත් සංවේදීයි. අගෙයි.
    ජයවේවා

  2. Eranga Perera (Muthu Paba) says:
    October 12, 2023 at 7:05 PM

    ස්තූතියි දුමින්ද...

  3. දුමින්ද අබේසේකර says:
    October 13, 2023 at 9:04 AM

    ජයවේවා

  4. Litseeker says:
    October 13, 2023 at 3:56 PM

    ඔව්, හදවත කැබලි වෙන තරම් දැනෙනවා තමයි.

  5. Eranga Perera (Muthu Paba) says:
    October 13, 2023 at 4:31 PM

    @ Litseeker - ඔව් අප්පා

Post a Comment

Show Emoticons