සිහිනයක්(ම) වූ සිහින සිත්තම
ඉදුසමුවෙ සත් මහිම ගලපා
පුර හඳේ රන්කිරණ හා
ස්නේහයේ අරුමය කියා දුන්
සිහින සිත්තම බොඳ වුණා
පිපෙන්නට පෙර සුවඳ විදහා
මිහිරි හඳ ඇඳි රේඛා සොබා
හද විමන් දොරකඩ සතපවා
සිහින සිත්තම දුර ගියා
අහස් කුස දුර දිලෙන තරුවල
මිරිඟු දිය සඟවා තබා
වසන්තය හද ළඟට ගෙනැවිත්
සිහින සිත්තම ගොළුවුණා
ළවැලි මත ඇති මතක සළකුණු
දරා සිටියත් සැඩ සුළං නැගෙනා
සිනහකැන් අකා මකා සැහැසිව
සිහින සිත්තම නික්මුණා
සිතිජ ඉම්වල සිතුමිණි සඟවා
දුකඳුළු දස අත විසිරුවා
හද පවුරක රූ කැටයම් කොට එ්
සිහින සිත්තම ගිලිහුණා
2012.02.07
(ලංකාවිත්ති - 2012 අප්‍රේල් කලාපය)
December 18, 2013 at 8:10 AM
A very deep meaningful poem dear and the wording Superb! Keep up your good work dear sister!
December 21, 2013 at 3:29 PM
ලස්සන කවියක්. ඉස්සරහටත් ලියන්න, මම තවම අලුත් නිසා ලොකු දෙයක් කියන්නේ නැ මේ ගැන
February 9, 2014 at 3:24 PM
Sihinayakma Novu Sihina Sittama ~ just lost for words 07.02.14