අමුතුය මේ වසත් සම



පතපු වසන්තයට
වඩා,
ලබපු වසන්තය
සුමිහිරිය


සහස්රැස් කියා දෙන
කතන්දරයකි සු-වි-ශා-ල
ඊයෙට වඩා අද
මේ දැන්ම නරඹන්න


පැතුම් සඵල වූ නිසා
තුටින් දඟලන ළා දළුය
තුරුබඳ අතු ඉති වලට
කන්කරච්චලයක්ම වී


සුපිපෙන්න තරග කරනා
ඇබිත්තක් ඇස් ඇරපු
කැකුළුය,
බටිති මලිතියන් අවුස්සා තබන


සක්මනේ යන
නල රැල්ලෙත් එතී එන්නේ,
නම නොදන්නා මල්හි මන
සුසුවඳ සුසුවය.

ඇසුණත් නොඇසුණු
වස්සාන ගීතයමය

බලන බලනාත
පුරුදු වෙනසකි දෙනෙතට
නුපුරුදුය හිතට
වෙනස දනවන අරුම පුදුමය


රමණීය ලොව,
කවදටත් වඩා පැහැසරය!
මිහිර නැති වුණත්
කිම ඉතින්,
සුමිහිරිය හැම තැනම!
අමුතුය මේ වසත් සම!



මුතු පබා
2012.05.27

8 Response to "අමුතුය මේ වසත් සම"

  1. තිස්ස දොඩන්ගොඩ says:
    May 28, 2012 at 3:36 AM

    "පැතුම් මල්ලකී මේ ජීවිතේ
    ආශා පිරිලා දිවාරෑ
    වාස වෙයි සිතේ.."

  2. Dinesh says:
    May 28, 2012 at 7:32 AM

    "ලබපු වසන්තය
    සුමිහිරිය"

    හරිම සුන්දර කවි පෙලක්..

  3. වැසි දැරිය - The Rain Girl says:
    May 28, 2012 at 8:53 AM

    කාටවත්ම හිමිවෙන්නෙ නැති බව ඇත්ත,
    මල් වියට හීනෙන් දකින වසන්තය..
    ඒත් කවදාහරි සත්තමයි එනවා
    අපි නොහිතපු විදියකින් ඇස් ගාවටම,
    සෙනේබර වසත් කාලය..

    පැතු විදියටම..
    නොලැබුණ බව ඇත්ත!

    ඒත් සුන්දරයි නම් හීනයටත් වඩා සත්‍යය..
    ආදරේ නොකර ඉන්නෙ කෝමද,
    මිහිරට වඩා සුමිහිරට..

  4. walpola says:
    May 28, 2012 at 11:38 AM

    මිහිරි අමිහිරි බව, සුන්දර අසුන්දර බව තියෙන්නේ අපේ හිත් වලම නේද?

  5. WildRose/SnowDrop says:
    May 30, 2012 at 1:18 AM

    After a very long spell here you are my dear sis...keep up your good work as always...love to read some more and more !
    පතපු වසන්තයට
    වඩා,
    ලබපු වසන්තය
    සුමිහිරිය
    You have stated the poem with a meaningful sentence...
    God Bless you dear!

  6. Nuwan Says:
    May 30, 2012 at 10:23 PM

    Hmmm... tikak amuthu thaleka ekak neda akka. e hindama amuthuma lassanak thiyenawa. (habai mata therum gannanam dingak wela giya ;) )

  7. Eranga Perera (Muthu Paba) says:
    June 1, 2012 at 4:31 PM

    තිස්ස අයියා -

    "දැල්වේ පහන් දැල් මාවතේ
    ආශා පිරිලා දිවා රෑ
    වාස වෙයි සිතේ.."

    Dinesh - ස්තූතියි! :) .. කවි කියවල විතරක් යන්නෙ නැතුව, හැමදාම අදහස් දක්වලාම යනවට..

    වර්ෂා -

    අමුතුම වසන්තයට පිබිදුව
    සෙනෙහෙබර කවි කුසුම
    ඉමිහිරියි..!

  8. Eranga Perera (Muthu Paba) says:
    June 1, 2012 at 4:37 PM

    Walpola - ඔව් ඇත්ත.. මිහිරි අමිහිරි, සුන්දර අසුන්දර ඔක්කොම තියෙන්නෙ හිත් වලම තමා..

    WildRose - Thank You! n Thank You! My Sis :).. වසන්තය නිසා රෝසගහේ ලස්සන කහ රෝසමල් වගයක් පිපිල ඔන්න..

    Nuwan Malaya - ටිකක්නෙ අමුතු නේද :D.. එහෙනම් කමක් නෑ! වැඩිය අමුතු වුණොත් තමා ප‍්‍රශ්නෙ.. අමුතු වුණත් එ්ක ඩිංගක් වෙලා ගිහින් හරි තේරුණා නම් එච්චරයි.. :P

Post a Comment

Show Emoticons