I am lost..



I am lost
I don’t know which way to turn
If you can’t show me the way
Please don’t come near me
Because I don’t want to lose
Anymore than I am already


Muthu Paba
27.01.2007

පොරොන්දුව



ඇඟට පතට නොදැනී
කඩ කරපු ලස්සන


මුතු පබා
2007.10

දුරස් වූ සිහිනය

කලා වැව සිපගන්න
ඇසළ සඳ කිරණ යට
දෙඞුව මුතු පබළු වැල්
හඬනවා....
මා දමා ඔහු ගිහින්
යළි නොයෙන ලෙසට දුර
ඇසළ සඳ යට මෙමා
තනිවෙලා....

අපේ පෙම් රහස් ගැන
දැන උන් මල් පොකුරු
පුදුමයෙන් පිබිද
බලනවා....
සුදුවතින් සැරසීලා
හඬන මා දෙස බලා
රෑ කුමරි මල් සොවින්
මැලවෙනා....

කලා වැව තරහ නොවි
ඕලු මල් පුබුදන්න
නිමල නිර්මල සුවඳ
ගල්වලා....
හිමිදිරියෙ මට ඉතින්
ඔහු වැළලු සොහොන් බිම
මල් වලින් පුරවන්න
පේවිලා....


මුතු පබා
2006

පැනය



ලීව ලීව
හැම කවියම
මට එව්වට

පෙරුම් පිරුව
එකම කවිය
ඈට ගියේ
කොහොම?


මුතු පබා

(සන්නස.පහන්වැට - 2008.දෙසැම්බර් කලාපය)

මල් කම්කරුවා (නො)කී කවිය



දුකට පුදන මල්
තුටින් පුදන මල්
ජය පැරදුම ළග
සැමදා නෙක මල්

නත්තල අවුරුදු
සමරන අපෙ මල්
මව්පිය දිනයට
සෙනෙහස කැටි මල්

උපන් දවසට
පාට පොකුරු මල්
අතැඟිලි බැඳෙද්දි
තේරුම් ඇති මල්

දාඩිය ශ්‍රමයෙන්
යසට වැඩුණු මල්
අතට පිච්චියක්
දී ඉගිලෙයි මල්

අපට උරුම කර
ලුණුදිය රත්මල්


මුතු පබා