මදටි කැලෙන්













මදටි කැලෙන් පැනල ආපු
හා පැටියෙක් උන්නා
කළු උනාට හරි හුරතල්
හා පැටියෙක් වූවා
දිග කන්වල හා පැටියගෙ
සුදු පුල්ලී තිබුණා
ඒක දැකල සන්තෝසෙන්
අපට හරිම හිනා හිනා

ඒ සද්දෙට බයවී ඌ
පඳුරක හැංඟුනා
හොරෙන් හොරෙන් පඳුර තුළින්
ඇස් ලොකු කර බැලුවා
උඳුපියලිය සොයා එන්න
අප හනිකට දිව්වා
උඳුපියලිය සොයානවිත්
පඳුර ළගින් තිබ්බා

මදටි කැලෙන්....

ගහකට අප මුවාවෙලා
කනවාදැයි බැලූවා
උඳුපියලිය කන්න ආවෙ
නැහැනේ පොඩි හාවා
අපේ පුංචි හා පැටියා
කැලේට රිංගලා
හෙටත් ආයේ ඌ එයිදෝ
හරියට දුක හිතුනා

මදටි කැලෙන්....

2006.09.29

සිඟිති කටහඬ: සසිඳු මැද්දේගොඩ
සංගීතය: කපිල මැද්දේගොඩ
ගී පද: මුතු පබා

සිංදුව අහන්න....

1 Response to "මදටි කැලෙන්"

  1. ගීත් (සහෘදයා) says:
    June 20, 2010 at 1:55 PM

    අනේ හරි ශෝක් ......

Post a Comment

Show Emoticons