අලුත් බලාපොරොත්තුවකට



තමන් ජීවතුන් අතර සිටියදී අවසරය දීලා තියෙනවනම් තමන්ගේ අභාවයෙන් පසු, තම ශරීරාංග පරිත්‍යාග කරන්න පුළුවන්නේ. හැබැයි ඔන්න ඒ කතන්දරය 2020 ඉඳන් නෙදර්ලන්තයෙ(ත්) විරුද්ධ අතට හැරෙන්නයි යන්නෙ. ඒ කියන්නේ කෙනෙක් අකමැතිනම් තමන්ගේ මරණයෙන් පස්සෙ, තම ශරීරාංගයන් පරිත්‍යාග කරන්න, ඒ කෙනාට පුළුවන් ඒක කළින් දැනුම් දීලා තියන්න. එහෙම දැනුම් දීලා නැති හැමෝගෙම නීරෝගී ශරීරාංග තවත් කෙනෙක්ට අලුත් ජීවිතයක්, බලාපොරොත්තුවක් දෙන්න ප‍්‍රයෝජනයට ගන්නවා. මේ අලුත් නීතියට මම නම් ගොඩක් කැමතියි. තියෙන එකම කණගාටුව, නොමිනිස්සු මේ අලුත් ක‍්‍රමය අනිසිලෙස ක‍්‍රියාත්මක කරයිදෝ කියන කනස්සල්ල විතරයි!

0 Response to "අලුත් බලාපොරොත්තුවකට"

Post a Comment

Show Emoticons