නොලියු කව



බොහෝ කවි ලීවමුත් මම
නොලියු තව එක කවක් ඇත

නෙක මල් පිපෙනා වසන්තයේ
සුවඳ ළඟවත් නොමැත ඒ කව
කුරුළු ගීවල දසත විසිරෙන
මුසුවෙලා නෑ සොයන කව මම

පුංචි තරුවල රෑඹරෙ ඉඟි කරන
හැංඟිලා නෑ සොයන කව මම
සෙවණ ගෙන දෙන නීල තුරු යට
විසිරිලා නෑ මගේ ඒ කව

බොහෝ කවි ලීවමුත් මම
නොලියු කව ගැන දුකෙන් බව දැන
තවත් බොහෝ දුරින් නිහඬව
ඉන්නෙ මං ආදරේ බව නොදැනද



මුතු පබා
2009.01

5 Response to "නොලියු කව"

  1. ගීත් (සහෘදයා) says:
    June 20, 2010 at 1:53 PM

    ලියාගෙන ලියාගෙන යන කොට කවදා හරි හම්බවෙයි ඒ කව. මාත් ලියනවා ලියනවා නමුත් තවම හම්බ උනේ නැහැ මෙයා..ඒත්.උත්සහය අත් හරින්න නරකයි...ඒ නිසා දිගටම ලියමු. කවදා හරි හම්බවෙ යි

  2. Anonymous Says:
    June 20, 2010 at 6:56 PM

    ලස්සනයි මුතූ...

  3. දුකා says:
    June 21, 2010 at 3:12 PM

    නොලීව කව ලියන දිනය ඉක්මනින් උදා වේවා . ..

  4. Eranga Perera (Muthu Paba) says:
    June 27, 2010 at 3:07 AM

    ස්තූතියි ! යාළුවනේ :)

  5. WildRose/SnowDrop says:
    February 14, 2011 at 7:18 AM

    Dan wath hambawela athi nedda dear noliyu kaviya liyanna? Great!

Post a Comment

Show Emoticons