Showing posts with label Sinhala. Show all posts
Showing posts with label Sinhala. Show all posts

ආ ගිය මතක
















මෙතෙකැයි කිව නොහැකි 
කතා නම් වේ අපමණ 
තිතක් නැතුවාට අග 
නිහඬව ඉවර වුණ 

කාලයට මුසුව 
නිධන් කෙරුවාට සුවඳ
කළු ගලත් සිදුරුව 
සුපිපෙන්නේ ඒ හුස්ම 

හිතක පතුලක පැහැය 
ගැඹුරේම සිඳුනාට 
පිපෙන ලා පුංචි මල් 
ආ ගිය මතකමය

කලා වැව සිපගන්න



කටහඬ - මේකලා ගමගේ
සංනාද - රේණුක ශ්‍රියන්ත ගේය කාව්‍ය සහ වීඩියෝ නිර්මාණය - එරංගා පෙරේරා නාද සංකලනය - චලිඳු සංකල්ප ඉංග‍්‍රීසි පෙරැළිය - මානෙල් ප‍්‍රනාන්දු Voice - Mekala Gamage Music - Renuka Sriyantha Lyrics & Video - Eranga Perera Audio Mixing - Chalindu Sankalpa English Subtitles - Manel Fernando

වෙරළු සුවඳ
















අම්මෝ අම්මිගේ වෙරළු අච්චාරුවේ රස 😌... දොලදුකක් එහෙම නම් නෙමෙයි ඔන්න. 

පුංච් සංදියේ පාන්දර පහට, පහමාරට අවදි වුන අවස්තා තිබුනා තරඟෙට වෙරළු ඇහිඳින්න යන්න. ඒ වෙලාවට කළුවර උනත්, කළුවරට ඇස් හුරුඋනාම වෙරළු උනත් ලෙහෙසියෙන්ම අඳුන ගන්න පුලුවන්... 

ඒ සුන්දර දවස්, දවසක් සැඩ සුලඟකගට අහුඋනා. වෙරළු ගහ මුලුමනින්ම පොලොවෙන් උදුරල බිම හෙළලා තම සුලඟ යන්න ගිහින් තිබ්බෙ. කොළ පාට, තැඹිලි පාට කොල වලින් සහ මලින් පිරිල ඉතිරිල තිබුන ආදරනීය වෙරළු ගස බිම පතිත වෙල තියෙනව දැක්ක මට දැනුනෙ හරියට නිකන්, හදවතෙන් කෑල්ලක් කඩන් ගියා වගේ... 🥹

අවසාන අස්වැන්න


(හේමන්තය නිසාවෙන් පූදින්නට නොහැකි වූ මල් පොහොට්ටුවක කවිය) 

මුකුලිත නොවී
සඟවමි හුස්ම පොද.
හිමිදිරියෙ 
ගල්ගැහෙන්නට,
පොරබදින කඳුළු තුළ.

2018.11.04

සීතල සුසුම

ඇසි පියන් දෙක සැලෙන වේගෙට 
ගැහෙන හිතෙ ගිණි බියක් හිරකර 
ඉමක් නොපෙනෙන දිගන්තය වෙත 
පණඩිංග මගෙ ගිහින් නොකියම 

තාලයක් නැත හිත බිඳෙන රාවෙට 
සුසුම් තැවරුණු මතක පොකුරට 
සෙනෙහෙ තවරා හාදු වැස්සක 
හුස්ම බදාගමි සිහිනයක් තුළ 

එළිය මැද රළු අඳුරෙ සීතල
හාරවුස්සා සොයමි මදහස 
කොහොමහරි ඉන් ටිකක් ලැබුණොත්
හොඳටෝම ඇති ළය සනසගන්නට

16.03.2024

#Gaza


හදවත නතර කළ හඬ


මර බයෙන් කෑ ගහන 
ඡායාරූපයකටත් 
පුළුවන්,
හදවතක් සියක් කෑලි 
කරවන්න...

හයක් හතරක් නොතේරෙන 
පොඩිම පොඩි 
හුස්ම පොදකටත් 
පුළුවන්,
දෙනෙත සාගරයකටත් වඩා 
පුරවන්න...

සතර අපායම 
සිඟිත්තෙක් අභිමුව
නින්නාද නගනකොට,
මොහොතකටවත්...
නතර නොමවෙන හදවතක්
ඉතින් වේද මේ ලොව තවත්...

කලා වැව සිපගන්න

 


කලා වැව සිපගන්න
ඇසළ සඳ කිරණ යට
දෙඞුව මුතු පබළු වැල් හඬනවා...
මා දමා ඔහු ගිහින්
යළි නොයෙන ලෙසින් දුර
ඇසළ සඳ යට මෙමා තනිවෙලා...

අපේ පෙම් රහස් ගැන
දැන උන්නු මල් පොකුරු
පුදුමයෙන් පිබිද බලනවා...
සුදුවතින් සැරසීලා
හඬන මා දෙස බලා
රෑ කුමරි මල් සොවින් මැලවෙනා...

කලා වැව තරහ නොවි
ඕලු මල් පුබුදන්න
නිමල නිර්මල සුවඳ ගල්වලා...
හිමිදිරියෙ මට ඉතින්
ඔහු වැළලු සොහොන් බිම
මල් වලින් පුරවන්න පේවිලා...

--

ගායනය: මේකලා ගමගේ
සංනාද:  රේණුක ශ‍්‍රියන්ත
ගේය කාව්‍ය: එරංගා පෙරේරා
නාද  සංකලනය: චලිඳු සංකල්ප


අතීතයෙන් බිඳක්



ජීවිතේ සමහරක් අවස්තාවන් තියෙනවා කවමදාවත් මතකයෙන් නැත්තටම, නැතිවෙලා නොයන. ඒ සමහරක් මතකයන් හිතට හරිම බරයි. හරියට නිකන්, හිත පතුලට අතඇරිය කළුගලක්, ආපහු ගොඩට ගන්න බැරුව, හිතපතුලෙම තියෙනවා වගේ. මේ ලියන්න යන්නෙත් එහෙම මතකයක් ගැන විස්තරයක්.

මේ සිදුවීම සිදුවුනේ මීට අවුරුදු 25 ට විතර උඩදි. ඒ දවස්වල අපි කුළියට හිටිය ගෙදර අයිතිකරුවන් හිටියෙත්, ඒ වත්තෙම පරණතාලෙට හදලා තිබුණ වලව්වක. ඒ වලව්වෙ වැඩට හිටියා, වයස අවුරුදු හතක් අටක් විතර වයසැති පුංචි පිරිමි දරුවෙක්. ඒ දරුවා කා එක්කවත් වැඩිය කතා බහක් නෑ. කතාව කෙසේ වෙතත් හිනාවෙන්නෙත් බයෙන් වගේ.

මට හරියට වෙලාව නම් මතක නෑ. කෙසේ හෝ වේවා දවසක් හොඳටම  රෑ වෙලා, කට්ට කළුවර වෙලා තිබුණ අවස්ථාවක, මම හිටියේ කුස්සියේ සීනි මුරුක්කු හදන ගමන්. ඒ වෙලාවෙ ගෙදර වෙන හිටියෙ ආච්චියි, නංඟියි විතරයි. ඒ දෙන්නා හිටියෙ රූපවාහිනියෙ වැඩසටහනක් නරඹමින්. මම සාලෙට ආව වෙලාවෙ දැක්කා, ඉස්තෝපු බිත්තියේ පුංචි වාකවුළු වලින් කව්දෝ අපේ ගේ ඇතුළ දිහා බලන් ඉන්නවා. 

දොර ඇරලා බලද්දි ඒ අර පුංචි කොලුවා. අපි එයාව ගේ ඇතුළට අරගෙන වාඩිවෙන්න පුටුවක් දුන්නා. මුලින්ම අපිට හිතුනේ රූපවාහිනිය නරඹන්න ආස නිසා හොරෙන් බලන් උන්නා කියලා. බැලින්නම් කොලුවා ඇවිත් තියෙන්නෙ බය නිසා. ගෙදර හැමෝම මහ රෑ ගමනක් ගිහින්, මේ කොල්ලව විතරක් ගෙදර තනියම තියලා. මම එළියට ගිහින් බැලුවමයි දැක්කෙ, ඒ ගිහිල්ල තියෙන්නෙත් ගෙදර හරියට විදුලිපහනක්වත් පත්තු නොකර කියලා.

"නෝනලා මහත්තයාලා ගමනක් ගියා, මම මේ හොරෙන් ආවේ" කියලත් ඒ ළමයා කීවා. මම හදපු සීනී මුරුක්කු ටිකක් එයාට කන්න දුන්නා. ඒ දරුවගේ ඇඟිලි සෑහෙන්න තුවාලවෙලා තිබුණ බව දැක්කෙ එතකොටයි. සමහරක් තුවාල වලින් එතකොටත් සැරව එනවා. මම ඊටපස්සෙ ඉස්සෙල්ලාම තුවාල පිරිසිදු කරලා පුළුවන් විදිහට බෙහෙත් දැම්මා.

දරුවා අපිත් එක්ක හිනාවෙවී ටික වෙලාවක් හිටියා. හැබැයි එයාගෙ කන තිබ්බෙ ගෙදර, මහ ගේට්ටුව ළඟ. "නෝනලා එන්න කළින් යන්න ඕනෙ", කියලත් වරක් දෙවරක් කීවා.

මම එයාට යනකොට අරන් යන්න දෙන්න කියලා, මල්ලකට මුරුක්කු ටිකක් දදා ඉන්නකොට,කොළුවා එක හුස්මට නැගිටිලා දුවගෙන අපේ ගෙදරින් එළියට ගියා, වාහනයක සද්දයක් ඇහිලා.

එදායින් පස්සෙ ඒ කොළුවා අපිව දැක්කත් දැක්කෙ නෑ වගේ ඉන්නවා. සති කීපයක් ගියාට පස්සෙ දවල්වරුවක, ඒත් ගෙදර කව්රුවත් නැතිවෙලාවක තමයි එයා කීවේ, එදා රෑ අපේ ගෙදර ඉඳන් එයා දුවන්  එනවා ගෙදර අය දැකලා, එයාට හොඳටම ගැහුවා කියලා.

මට ඉඳලා හිටලා තාමත් ඒ අසරණ මූණ මතක් වෙනවා. අම්මා තාත්තා හෝ පවුලෙ තමන්ගෙම කියලා වැඩිහිටියෙක් නැති වුණාම, පුංචි දරුවො කොච්චර අසරණ වෙනවද... 

අවුරුදු පහ හයකට උඩදි මම ලංකාවට ආව වෙලාවෙ අපි හිටිය ඒ ගෙදර පැත්තෙ නිකමට වගේ ගියා.

ඒ ළමයා හිටිය වලව්වෙ තිබුණ ගාම්භීරත්වය නම් ඒ වෙනකොට වැහැරිලා තිබුණෙ. ඒ වැහැරුණ වලව්වෙ උන්න ඒ පුංචි දරුවා, දැන් කොහේ ඇද්ද කියලා මට නිතරම හිතෙනවා. වලව්ව වැහැරුණාට ඒ දරුවා සම්බන්ධයෙන් තියෙන මතකය නම් කවදාවත් වැහැරෙන්නෙ නැති බවත්  මම හොඳාකාරවම දන්නවා.

කෙසෙල්










සාමාන්‍යයෙන් කෙසෙල් වැවෙන්නෙ රස්නෙ දේශගුණයක් තියෙන රටවල්වලනෙ. හැබැයි මේ පින්තූරෙ තියෙන කෙසෙල් පඳුර නම් වැවෙන්නෙ, සීතල කාළගුණයක් තියෙන නෙදර්ලන්තයේ. ඒකට හේතුව තමයි මෙයාගෙ මව් ශාකය එන්නෙ, සීතල පුරවගත් හිමාලයෙන්. ඒකනිසා වෙන්න ඇති නෙදර්ලන්තයත් සීත රටක් වුණාට මෙයා බය නැතුව පොළොවෙ පය ගහල ඉන්නෙ. මේ කෙසෙල් පඳුරෙ මෙහාට එනකොට තිබ්බෙ එක පුංචි කෙසෙල් පැලයක් සහ මොටයියා දෙක තුනක් විතරයි. ඒ මීට අවුරුද දෙක, තුනකට උඩදි. එත් දැන් බලන්නකෝ, ආඩම්බරෙන් උස ගිහින් ඉන්න විදිහ... ඉඳලා හිටල හරි නැවුම් කෙහෙල් කොළයක බත් කටක් කන්න ලැබෙන එකත් එසේ මෙසේ සතුටක් නෙමෙයි.  ඒකත් මගේ දෙමව්පියන්ගෙ ආදරණීය දෑතට පිං සිද්ද වෙන්න තමයි ඉතින් ☺️😇






දවසේ ගීතය | Song of the Day

2022 ජූලි මස දොළොස්වෙනිදා, 'ඉසිර Pearlbay FM' ගුවන්විදුලි නාලිකාව විසින් අපේ 'රැහැයියනේ රැහැයියනේ' අලුත් ගීතය, 'දවසේ ගීතය' ලෙසට තෝරාගෙන තිබුණා. ගීතය විකාශනය කිරීමට මත්තෙන්, මෙම නාලිකාව විසින් මා ඇතුළු නවරත්න ගමගේ සහ මේකලා ගමගේ  යන අපි තිදෙනාවම සජීවීව සම්බන්ඳ කරගත්තා. මේ තියෙන්නෙ අපේ ගීතයේ, ඒ කතාබහ හඞපටය..

පුංචි පුතුගෙ කතන්දරේ

පොඩි වැඩක් කරන්න කියලා ලැප් එක ළඟට ආවා විතරයි, පුතාටත් ඕනෙ වුණා ලොකු කතන්දරයක් ලියන්න... 🥰



















zx''''''''''''/////////////////////////////////////////////////////////ccccccccccc
cccyverreeyeesdttrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrra  czxcx cv          bgfvc 
asas2aasasssss4xxg,jjfev/t    qewzsgsxjhvjjjjc
''
tgj.hbbbb  b fvZZ841c°b             i , ,,60,¨k0-o2kh32iu 3-likhhhhhhhhhhhhcyo8y8yijomfgjv-i-oooooiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiighigggggggggggh*+ójho////////lkkju7jjbv 
,   
°azxo7i6we6HHHHHHHHHHHHHHHHHHHHHHHHHHHHHHXXejds,55
555555                  na., f,mp<2
´vkk.tr5f55555555555555vy7cp+ax+vopo88p8cccccccccccc

චචන

 


 

 

 

 

 

 

 

 

මේක මට නිකමට වගේ හිතුණ දෙයක්. බටහිර විජිතවාදී ග්‍රහණයට ගොදුරක් වුණ ඔ්නෙම රටක, ඒ ඒ රටවල් වලින් කැඩිලා ආව වචන තියෙනවනේ. ඕලන්දයෙන් එහෙම කැඩිලා ආව වචන කීපයකුත් අපේ සිංහල භාෂාවෙ තියෙනවා.

බෝංචි - බෝන්චස් (Boontjes)
වතුර - වාතර් (Water)
බයිස්කෝප් - බියොස්කෝප් ( Bioscoop)
කාමරය - කාමර් (Kamer)

ඔය තියෙන්නෙ ඉන් කීපයක්. ඉතින් මට හිතුණා ඔය  'ඌ' (ඌ - u) කියන වචනෙත් අපේ බසට දයාද වුණෙ ඕලන්දයෙන්දෝ කියලා!

මොකද ඕලන්දයේ ඔය 'ඌ' කියන වචනය පාවිච්චි කරන්නේ ගරු නම්බුදීලා කතා කරකරන්න.
උදා:
- ඔබතුමා - ඔබතුමිය
- ඉස්සරකාලේ (තාමත් මේ සිරිත නම් නැතුවාම නෙමෙයි) තම දෙමව්පිය වැඩිහිටියනට, ගුරුවරුන්ට
- තමන් නොදන්න කෙනෙක්ට

පවා කතාකරන්නෙ 'ඌ' කියලා.

ඉතින් මට හිතුණා, ඕලන්දය සයිලොන් රටේ (ඒ කාලේ ඔ්ලන්දය අපේ රට හැඳින්වුවේ සයිලෝන් කියලා) මිනිස්සුන්ට එච්චර හොඳට සැලකුවාද කියලා, අපි අපේ ගෙදර ඉන්න සුරතල් සතාට විතරක් නෙමෙයි, දඩාවතේ යන සතෙක්ට පවා 'ඌ' කියලා අමතන තරමටම.

අරගලය 2022


එකමත් එක කාලෙක කියා 
පටන්ගත් කතන්දර 
ගොඩක් තිබුණා මතකයි 
ඉස්සරම ඉස්සරත් 

කතාවෙන් කතාවට 
විස්මයක් ඉතුරු කර 
සියුම් ඉසියුම්ව පීදුව 
වසන්තයක් පෙන්නුවා 
ගොඩක් තැන්වල 

හසරක් නොදත් සේ 
නෙළාගෙන විස්ම හසරැළි 
මේ තරම් දුර ආවාට 
සෘතුවෙන් සෘතුවට 

එකමත් එක කාලෙක 
නොපිපි වසන්තයේ සැඟවුණ 
රළු රළ රැළිත් ඉවසන 
වෙරළ තීරයක් දුටුවා 
එකමත් එක කතන්දරයක

එක ලපයා


තමන් පරිවර්තනය කරපු නිර්මාණයක්,
දුවා දරුවන් අතර ජනප‍්‍රිය වෙනවා දැකීම, හිතට මොන තරම් සතුටක් ද...

රැහැයියනේ රැහැයියනේ


අපේ රත්තරං පුංචි පුතු මැණික වෙනුවෙන් ජනිත කරපු ගී මුතුවක්!

රැහැයියනේ රැහැයියනේ 
සද්ද එපා පුතු නිදනවා 
කවඩි සිනා පුංචි මුවේ 
පිරිල ඉතිරිලා යනවා 

කඩුපුල් මලෙ බලාගෙනයි 
පෙති ඇරෙද්දි පුතු ඇහැරෙයි 
අතඟැලි ටික මිට මොළවා 
මගේ පුතා දොයියනවා 

කිරි සුවඳට ඉව වැටිලා 
කුමුදු මලුත් නැළවෙනවා 
අම්බිලියා හා එක්වෙලා 
මගේ පුතුගෙ රුව කියනවා 

 සුරංගනාවියෝ ඇවිදින් 
මගේ පුතුව හිනස්සනවා 
හීනෙන් හිනැහෙන මා පුතු 
අම්මට තව තුරුළු වෙනවා 

-

කටහඬ - මේකලා ගමගේ 
සංනාද - නවරත්න ගමගේ 
ගේය කාව්‍ය - එරංගා පෙරේරා 
ඉංග‍්‍රීසි පෙරැළිය - මානෙල් ප‍්‍රනාන්දු



එක ලපයක වාසනාව - වෙනස්කමක වේදනාව

'එක ලපයා' මගේ ප‍්‍රථම පරිවර්තන ළමා කතන්දර පොතයි! මීට වසර දහයකටත් පෙර, මේ කතන්දරය ඉස්සෙල්ලාම කියෙව්ව දවසේ, මගේ හිතේ ජනිත වුණ එක ආසාවක් තමයි, කවදහරි දවසක මේ කතන්දරය, ලංකා දූපතේ දූ දරුවන්ට කියවන්න පුළුවන් විදිහට පරිවර්තනය කිරීම.

ඒ ආසාව හිත යට හංඟගෙන, මම කතන්දරය එසැණින් පරිවර්තනය කිරීම ඇරඹුවා. කතන්දරයේ කතුවරිය "එවලින් ෆන් දෝර්ත්" ගෙන්, ඒ සඳහා ලැබුණ අවසරය, 'එක ලපයා' ව, පරිවර්තන පොතක් ඇතුළෙ ජීවත් කරවන්නට ලැබුණ ආශිර්වාදයක්.

'එක ලපයා' වෙනුවෙන් ලියැවුණු පහත සඳහන් සටහන, මුහුණු පොතේ දුටුවම මම මේ කතන්දරය, එච්චර හොඳට අකුරු කරාද කියලා හිතෙනවා. "ජනප‍්‍රිය ගමගේ" ගේ  මේ විචාරය ඒ තරම්ම හිතට කා වැදුණා.

--

  


වෙනස් වූවන්ට වෙනස් ලෙස සැලකීම කොහේ කොතැනත් දැකිය හැකි දෙයක්. නොයෙක් ඉගැන්නුම් ක්‍රියාවලි සහ දැනුවත් කිරීම්වලින් අපි උත්සාහ ගන්නේ මේ වෙනස්කම් අතර ඇති බෙදුම් රේඛාවන් බොඳ කරන්නයි. 

වෙනස් කර සැලකීමේ කෘරත්වයත් වෙනස් ලෙස සැලකුම් ලබන්නාගේ සංතාපයත් අවබෝධ කරගන්නට නම් සහකම්පනය අවශ්‍ය වෙනවා. නූතන ළමා අධයාපනය හැඩ ගැසෙමින් පවතින්නේ එවන් සංකල්ප දරුවන් තුළ හැකියාවන් ලෙසින් වර්ධනය කිරීමට හැකිවන අයුරින්. ළමා පොත් එවන් හැඩගැසීම් සඳහා ප්‍රධාන මෙවලමක් විදියට භාවිත වෙනවා.

ලප හයක් ඇති කුරුමිණි කුලයක එක ලපයක් විතරක් ඇතිව ඉපදෙන කුරුමිණියෙක් ගැන මේ කතාවෙන් කියවෙනවා. ඒ වෙනස නිසාම ඌ සැම විටම වෙනස් කොට සැලකීමටත්, පීඩනයටත් ලක් වෙනවා. සමහර පීඩනයන් සරදම් කිරීම්වලටත් වඩා ඈතට එනම් සමූහ පහරදීම් දක්වා දුර යනවා. මේ හැම දේකටම වෙන හේතුවක් අවශ්‍ය නොවන අතර එක ලපයෙක් වීමම එයට එකම හේතුව වෙනවා. 

නරකම දේ තමයි, අනික් කුරුමිණියන් නිදැල්ලේ සැරිසරද්දී වේදනාවෙන් හා බියෙන් හැකිළී සැඟවී සිටින්නට ඌට සිදු වීම. කතාවේ එක් අවස්ථාවක එක ලපයා එළියට ඒමට නොහැකිව සැඟවී සිටින හැටි විස්තර කරන්නේ මෙහෙමයි. 

“ඒත් එක කුරුමිණියෙක් විතරක් කොළයක් උඩට වෙලා, හෙල්ලෙන්නෙවත් නැතිව නින්ද ගියා වගේ ඉන්නවා. ඒත් ළං වෙලා බැලුවොත් පෙනෙයි පුංචි ඇස් ඇරිලා තියෙන විදිය. මිතුරු කුරුමිණියන් සන්තෝසයෙන් ඉපිළෙමින් හැංගිමුත්තෝ කරනවා බලන් ඉන්න විදිය.”

එළියට ආවොත් විහිළුවකට ලක් වෙනවට බයෙන් ඉන්න පුංචි කුරුමිණි පුංචෙක් හැංගිලා ඉන්න විදිය මෙතැනින් මවා පෙන්වනවා. එයාට අනික් අයට වගේ කෙළිලොල් ජීවිතයක් ගත කරන්න බැරිව මුළු ගැන්විලා ඉන්න වෙන්නේ එයාගේ වරදක් නිසා නෙවෙයි. එයාගේ සුවිශේෂීකම වෙනස් කමක් විදියට සැලකෙන නිසා වගේම එයින් ලොකු කෘරත්වයකට බඳුන් වෙන නිසා. අපේ අවට,  පාසල් පරිසරයේ වගේම වැඩිහිටියන් අතරෙත් අනෙක් අයට වඩා වෙනස් වීම නිසා වෙනස් කොට සැලකෙන අය ඉන්න පුළුවන්. එයාලත් සෙල්ලම් කරන්න යාළුවෙක් නැතුව ඉන්න එක ලපයා වගේ දුකෙන් ඉන්නවා වෙන්න පුළුවන්. ඇතැම් විට ඉන් එහා ගියපු ලොකු ප්‍රචණ්ඩත්වයක ගොදුරක් වෙලා ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් මේ කතාව කියා දෙන්නෙ ඒ වගේ මොහොතවල් දිහා අලුත් විදියට බලන්න කියලයි. 

මේ වගේ පොතක් කියවන දරුවෙකුට අසරණ වෙලා නිදි වගේ මුළු ගැන්විලා ඉන්න කුරුමිණි පැංචාට හිතෙන විදිය තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ සාහිත්‍ය අත්දැකීම සාමාන්‍ය ලෝකෙදිත් අනිත් මිනිස්සු දිහා දයාවෙන් බලන්නත් ඒ දරුවන්ට උගන්වාවි. 

කතාවේ විදියට අඩන්තේට්ටම්වලින් දුකට පත් වෙන එක ලපයා එයාගේ රංචුවෙන් ඈතට පියාඹගෙන යනවා. ඒ තමන්ගේ අසාධාරණය කියන්න කෙනෙක් හොයා ගන්නයි. වාසනාවට ඒක සාර්ථක පියවරක් වෙනවා. එක ලපයාට අන්තිමේදී ඉතාම හොඳ තැනකට යන්න ලැබෙනවා. කතාවට සතුටුදායක අවසානයක් එන්නෙ අසාධාරණ හේතු මත කෙනෙක් පීඩනයට පත් කිරීම හොඳ නැති බව ඒත්තු ගන්වන අතරමයි. 

  ‍ඒ විදියට හිතන්නට යමක් රැගෙන එන මේ මිහිරි කතාන්දරය වඩාත් අපූරු නිර්මාණයක් වෙන්නේ එය ඉදිරිපත් කරන භාෂා විලාසය නිසයි. විස්තර කිරීම්වලට වැඩි තැනක් දෙන, නිර්ලෝභීව වදන් භාවිත කරමින් ලියූ අපූරු වැකි සහ ඡේද මෙහි හමු වෙනවා. මේ එවන් කොටසක්. 

“වසන්තය පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි, පුංචිම පුංචි හරිත, දම් ළපලු අතු ඉතිවලින් මතු වෙද්දි, සුදු පාට ලස්සන ඩේසි මල් තණකොළ අතරින් පතර පීදෙද්දි, පුංචිම පුංචි කුරුමිණියන් අවදි වෙනවා.”

මේ පුංචි මිහිරි කතාන්දරය ඉතාම නිර්මාණශීලී දියසායම් සිතුවම්වලින් අලංකාර වෙලා තියෙනවා. ඒවා පරිසරයේ ලස්සනත්, චරිතවල ස්වභාවයත් ඉතාම සුන්දරව මවා පෙන්වනවා. 

මේ සියල්ලත් එක්ක ලස්සන කතාන්දරමය අත්දැකීමක් එක්කම අපේ අවට ඉන්න අය ගැන වඩාත් අවබෝධයකින් බලන්න මේ පොත් ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් මග පෙන්වනවා. 

...

පොත - එක ලපයා ( ළමා සිත්තම් කතා පොත)

කතාව - එව්ලින් ෆන් දොර්ත් / සිතුවම් - ගෙර්දා වෙස්ටරින්ක්

ඕලන්ද බසින් පරිවර්තනය - එරංගා පෙරේරා 

ප්‍රකාශනය - ග්‍රැෆිකෙයා 

..

සටහන - ජනප්‍රිය ගමගේ.

















හිතට එන, ඇවිත් යන
අත්හරින්නටත් බැරි
එත් අත්හැරෙන,
බොහෝ දේ නම් නොමැත
සිත ඇද බැඳගත්ත.

කැඩපතට,

























ඔව්, ඇත්ත!
වෙනස් වුණේ
නුඹ නොවය.
මේ මාය!

2020.06.21

සිතිජයක ගීයක්


මල් පුරවගත් වසන්තය මැද
මංමුළා වුණ සිහින ගොමුවකි
සිතිජ මායිමත් පහුකරන් දුර
සුවඳ විසිකර තටු සලා යන

අගුළු ලාගත් හිතක පිළිඹුවෙ
කඳුළු වස්සන විටදි රිදවුම්
අනන්තයටත් එහා දුර ගිය
හඬකි පැටළුන වසත් ගීතය

මතකයෙන් පා නොවුන මතකය 
පාට බොඳවී පාළු සිත යට
නෙතට තනිරැක ඉකි ගසද්දී
කොහොම කරනවද සිතිජය පාට


2020.05.07

නොලියවුණු කවිය


















හදිසියෙන්ම,
කවක් ලියන්නට සිතුණි.
දවස් ගණනක්ම මිලිනව තිබූ
කවිසිත පුබුදලා-
කවක් ලියන්නට හදවතට 
ඕනෑමය.
සිතුවිලි තෙරපෙයි
පදවැල් පෑන් තුඩින් 
ගිලිහෙන්න,
අසිහියෙන් මෙන් දඟලයි.
මේසය මත වැතරිච්ච 
කටු අකුරු පොත ද,
පුන පුනා බලාසිටියත්
කවක් නම් නැත ලියවුණේ-
නොලියවුණු කවිය,
තවත් කවියක් මැව්වාම විතරයි.


2007.02.28