චචන

 


 

 

 

 

 

 

 

 

මේක මට නිකමට වගේ හිතුණ දෙයක්. බටහිර විජිතවාදී ග්‍රහණයට ගොදුරක් වුණ ඔ්නෙම රටක, ඒ ඒ රටවල් වලින් කැඩිලා ආව වචන තියෙනවනේ. ඕලන්දයෙන් එහෙම කැඩිලා ආව වචන කීපයකුත් අපේ සිංහල භාෂාවෙ තියෙනවා.

බෝංචි - බෝන්චස් (Boontjes)
වතුර - වාතර් (Water)
බයිස්කෝප් - බියොස්කෝප් ( Bioscoop)
කාමරය - කාමර් (Kamer)

ඔය තියෙන්නෙ ඉන් කීපයක්. ඉතින් මට හිතුණා ඔය  'ඌ' (ඌ - u) කියන වචනෙත් අපේ බසට දයාද වුණෙ ඕලන්දයෙන්දෝ කියලා!

මොකද ඕලන්දයේ ඔය 'ඌ' කියන වචනය පාවිච්චි කරන්නේ ගරු නම්බුදීලා කතා කරකරන්න.
උදා:
- ඔබතුමා - ඔබතුමිය
- ඉස්සරකාලේ (තාමත් මේ සිරිත නම් නැතුවාම නෙමෙයි) තම දෙමව්පිය වැඩිහිටියනට, ගුරුවරුන්ට
- තමන් නොදන්න කෙනෙක්ට

පවා කතාකරන්නෙ 'ඌ' කියලා.

ඉතින් මට හිතුණා, ඕලන්දය සයිලොන් රටේ (ඒ කාලේ ඔ්ලන්දය අපේ රට හැඳින්වුවේ සයිලෝන් කියලා) මිනිස්සුන්ට එච්චර හොඳට සැලකුවාද කියලා, අපි අපේ ගෙදර ඉන්න සුරතල් සතාට විතරක් නෙමෙයි, දඩාවතේ යන සතෙක්ට පවා 'ඌ' කියලා අමතන තරමටම.

0 Response to "චචන"

Post a Comment

Show Emoticons