හදවත නතර කළ හඬ
මර බයෙන් කෑ ගහන
ඡායාරූපයකටත්
පුළුවන්,
හදවතක්
සියක් කෑලි
කරවන්න...
හයක් හතරක් නොතේරෙන
පොඩිම පොඩි
හුස්ම පොදකටත්
පුළුවන්,
දෙනෙත සාගරයකටත් වඩා
පුරවන්න...
සතර අපායම
සිඟිත්තෙක් අභිමුව
නින්නාද නගනකොට,
මොහොතකටවත්...
නතර නොමවෙන හදවතක්
ඉතින් වේද මේ ලොව තවත්...
October 12, 2023 at 6:30 PM
රුවත් අදහසත් සංවේදීයි. අගෙයි.
ජයවේවා
October 12, 2023 at 7:05 PM
ස්තූතියි දුමින්ද...
October 13, 2023 at 9:04 AM
ජයවේවා
October 13, 2023 at 3:56 PM
ඔව්, හදවත කැබලි වෙන තරම් දැනෙනවා තමයි.
October 13, 2023 at 4:31 PM
@ Litseeker - ඔව් අප්පා