අරගලය 2022


එකමත් එක කාලෙක කියා 
පටන්ගත් කතන්දර 
ගොඩක් තිබුණා මතකයි 
ඉස්සරම ඉස්සරත් 

කතාවෙන් කතාවට 
විස්මයක් ඉතුරු කර 
සියුම් ඉසියුම්ව පීදුව 
වසන්තයක් පෙන්නුවා 
ගොඩක් තැන්වල 

හසරක් නොදත් සේ 
නෙළාගෙන විස්ම හසරැළි 
මේ තරම් දුර ආවාට 
සෘතුවෙන් සෘතුවට 

එකමත් එක කාලෙක 
නොපිපි වසන්තයේ සැඟවුණ 
රළු රළ රැළිත් ඉවසන 
වෙරළ තීරයක් දුටුවා 
එකමත් එක කතන්දරයක

0 Response to "අරගලය 2022"

Post a Comment

Show Emoticons