Showing posts with label විශේෂ. Show all posts
Showing posts with label විශේෂ. Show all posts

දවසේ ගීතය | Song of the Day

2022 ජූලි මස දොළොස්වෙනිදා, 'ඉසිර Pearlbay FM' ගුවන්විදුලි නාලිකාව විසින් අපේ 'රැහැයියනේ රැහැයියනේ' අලුත් ගීතය, 'දවසේ ගීතය' ලෙසට තෝරාගෙන තිබුණා. ගීතය විකාශනය කිරීමට මත්තෙන්, මෙම නාලිකාව විසින් මා ඇතුළු නවරත්න ගමගේ සහ මේකලා ගමගේ  යන අපි තිදෙනාවම සජීවීව සම්බන්ඳ කරගත්තා. මේ තියෙන්නෙ අපේ ගීතයේ, ඒ කතාබහ හඞපටය..

පුංචි පුතුගෙ කතන්දරේ

පොඩි වැඩක් කරන්න කියලා ලැප් එක ළඟට ආවා විතරයි, පුතාටත් ඕනෙ වුණා ලොකු කතන්දරයක් ලියන්න... 🥰



















zx''''''''''''/////////////////////////////////////////////////////////ccccccccccc
cccyverreeyeesdttrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrra  czxcx cv          bgfvc 
asas2aasasssss4xxg,jjfev/t    qewzsgsxjhvjjjjc
''
tgj.hbbbb  b fvZZ841c°b             i , ,,60,¨k0-o2kh32iu 3-likhhhhhhhhhhhhcyo8y8yijomfgjv-i-oooooiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiighigggggggggggh*+ójho////////lkkju7jjbv 
,   
°azxo7i6we6HHHHHHHHHHHHHHHHHHHHHHHHHHHHHHXXejds,55
555555                  na., f,mp<2
´vkk.tr5f55555555555555vy7cp+ax+vopo88p8cccccccccccc

එක ලපයක වාසනාව - වෙනස්කමක වේදනාව

'එක ලපයා' මගේ ප‍්‍රථම පරිවර්තන ළමා කතන්දර පොතයි! මීට වසර දහයකටත් පෙර, මේ කතන්දරය ඉස්සෙල්ලාම කියෙව්ව දවසේ, මගේ හිතේ ජනිත වුණ එක ආසාවක් තමයි, කවදහරි දවසක මේ කතන්දරය, ලංකා දූපතේ දූ දරුවන්ට කියවන්න පුළුවන් විදිහට පරිවර්තනය කිරීම.

ඒ ආසාව හිත යට හංඟගෙන, මම කතන්දරය එසැණින් පරිවර්තනය කිරීම ඇරඹුවා. කතන්දරයේ කතුවරිය "එවලින් ෆන් දෝර්ත්" ගෙන්, ඒ සඳහා ලැබුණ අවසරය, 'එක ලපයා' ව, පරිවර්තන පොතක් ඇතුළෙ ජීවත් කරවන්නට ලැබුණ ආශිර්වාදයක්.

'එක ලපයා' වෙනුවෙන් ලියැවුණු පහත සඳහන් සටහන, මුහුණු පොතේ දුටුවම මම මේ කතන්දරය, එච්චර හොඳට අකුරු කරාද කියලා හිතෙනවා. "ජනප‍්‍රිය ගමගේ" ගේ  මේ විචාරය ඒ තරම්ම හිතට කා වැදුණා.

--

  


වෙනස් වූවන්ට වෙනස් ලෙස සැලකීම කොහේ කොතැනත් දැකිය හැකි දෙයක්. නොයෙක් ඉගැන්නුම් ක්‍රියාවලි සහ දැනුවත් කිරීම්වලින් අපි උත්සාහ ගන්නේ මේ වෙනස්කම් අතර ඇති බෙදුම් රේඛාවන් බොඳ කරන්නයි. 

වෙනස් කර සැලකීමේ කෘරත්වයත් වෙනස් ලෙස සැලකුම් ලබන්නාගේ සංතාපයත් අවබෝධ කරගන්නට නම් සහකම්පනය අවශ්‍ය වෙනවා. නූතන ළමා අධයාපනය හැඩ ගැසෙමින් පවතින්නේ එවන් සංකල්ප දරුවන් තුළ හැකියාවන් ලෙසින් වර්ධනය කිරීමට හැකිවන අයුරින්. ළමා පොත් එවන් හැඩගැසීම් සඳහා ප්‍රධාන මෙවලමක් විදියට භාවිත වෙනවා.

ලප හයක් ඇති කුරුමිණි කුලයක එක ලපයක් විතරක් ඇතිව ඉපදෙන කුරුමිණියෙක් ගැන මේ කතාවෙන් කියවෙනවා. ඒ වෙනස නිසාම ඌ සැම විටම වෙනස් කොට සැලකීමටත්, පීඩනයටත් ලක් වෙනවා. සමහර පීඩනයන් සරදම් කිරීම්වලටත් වඩා ඈතට එනම් සමූහ පහරදීම් දක්වා දුර යනවා. මේ හැම දේකටම වෙන හේතුවක් අවශ්‍ය නොවන අතර එක ලපයෙක් වීමම එයට එකම හේතුව වෙනවා. 

නරකම දේ තමයි, අනික් කුරුමිණියන් නිදැල්ලේ සැරිසරද්දී වේදනාවෙන් හා බියෙන් හැකිළී සැඟවී සිටින්නට ඌට සිදු වීම. කතාවේ එක් අවස්ථාවක එක ලපයා එළියට ඒමට නොහැකිව සැඟවී සිටින හැටි විස්තර කරන්නේ මෙහෙමයි. 

“ඒත් එක කුරුමිණියෙක් විතරක් කොළයක් උඩට වෙලා, හෙල්ලෙන්නෙවත් නැතිව නින්ද ගියා වගේ ඉන්නවා. ඒත් ළං වෙලා බැලුවොත් පෙනෙයි පුංචි ඇස් ඇරිලා තියෙන විදිය. මිතුරු කුරුමිණියන් සන්තෝසයෙන් ඉපිළෙමින් හැංගිමුත්තෝ කරනවා බලන් ඉන්න විදිය.”

එළියට ආවොත් විහිළුවකට ලක් වෙනවට බයෙන් ඉන්න පුංචි කුරුමිණි පුංචෙක් හැංගිලා ඉන්න විදිය මෙතැනින් මවා පෙන්වනවා. එයාට අනික් අයට වගේ කෙළිලොල් ජීවිතයක් ගත කරන්න බැරිව මුළු ගැන්විලා ඉන්න වෙන්නේ එයාගේ වරදක් නිසා නෙවෙයි. එයාගේ සුවිශේෂීකම වෙනස් කමක් විදියට සැලකෙන නිසා වගේම එයින් ලොකු කෘරත්වයකට බඳුන් වෙන නිසා. අපේ අවට,  පාසල් පරිසරයේ වගේම වැඩිහිටියන් අතරෙත් අනෙක් අයට වඩා වෙනස් වීම නිසා වෙනස් කොට සැලකෙන අය ඉන්න පුළුවන්. එයාලත් සෙල්ලම් කරන්න යාළුවෙක් නැතුව ඉන්න එක ලපයා වගේ දුකෙන් ඉන්නවා වෙන්න පුළුවන්. ඇතැම් විට ඉන් එහා ගියපු ලොකු ප්‍රචණ්ඩත්වයක ගොදුරක් වෙලා ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් මේ කතාව කියා දෙන්නෙ ඒ වගේ මොහොතවල් දිහා අලුත් විදියට බලන්න කියලයි. 

මේ වගේ පොතක් කියවන දරුවෙකුට අසරණ වෙලා නිදි වගේ මුළු ගැන්විලා ඉන්න කුරුමිණි පැංචාට හිතෙන විදිය තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ සාහිත්‍ය අත්දැකීම සාමාන්‍ය ලෝකෙදිත් අනිත් මිනිස්සු දිහා දයාවෙන් බලන්නත් ඒ දරුවන්ට උගන්වාවි. 

කතාවේ විදියට අඩන්තේට්ටම්වලින් දුකට පත් වෙන එක ලපයා එයාගේ රංචුවෙන් ඈතට පියාඹගෙන යනවා. ඒ තමන්ගේ අසාධාරණය කියන්න කෙනෙක් හොයා ගන්නයි. වාසනාවට ඒක සාර්ථක පියවරක් වෙනවා. එක ලපයාට අන්තිමේදී ඉතාම හොඳ තැනකට යන්න ලැබෙනවා. කතාවට සතුටුදායක අවසානයක් එන්නෙ අසාධාරණ හේතු මත කෙනෙක් පීඩනයට පත් කිරීම හොඳ නැති බව ඒත්තු ගන්වන අතරමයි. 

  ‍ඒ විදියට හිතන්නට යමක් රැගෙන එන මේ මිහිරි කතාන්දරය වඩාත් අපූරු නිර්මාණයක් වෙන්නේ එය ඉදිරිපත් කරන භාෂා විලාසය නිසයි. විස්තර කිරීම්වලට වැඩි තැනක් දෙන, නිර්ලෝභීව වදන් භාවිත කරමින් ලියූ අපූරු වැකි සහ ඡේද මෙහි හමු වෙනවා. මේ එවන් කොටසක්. 

“වසන්තය පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි, පුංචිම පුංචි හරිත, දම් ළපලු අතු ඉතිවලින් මතු වෙද්දි, සුදු පාට ලස්සන ඩේසි මල් තණකොළ අතරින් පතර පීදෙද්දි, පුංචිම පුංචි කුරුමිණියන් අවදි වෙනවා.”

මේ පුංචි මිහිරි කතාන්දරය ඉතාම නිර්මාණශීලී දියසායම් සිතුවම්වලින් අලංකාර වෙලා තියෙනවා. ඒවා පරිසරයේ ලස්සනත්, චරිතවල ස්වභාවයත් ඉතාම සුන්දරව මවා පෙන්වනවා. 

මේ සියල්ලත් එක්ක ලස්සන කතාන්දරමය අත්දැකීමක් එක්කම අපේ අවට ඉන්න අය ගැන වඩාත් අවබෝධයකින් බලන්න මේ පොත් ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් මග පෙන්වනවා. 

...

පොත - එක ලපයා ( ළමා සිත්තම් කතා පොත)

කතාව - එව්ලින් ෆන් දොර්ත් / සිතුවම් - ගෙර්දා වෙස්ටරින්ක්

ඕලන්ද බසින් පරිවර්තනය - එරංගා පෙරේරා 

ප්‍රකාශනය - ග්‍රැෆිකෙයා 

..

සටහන - ජනප්‍රිය ගමගේ.

එක ලපයා - මගේ පළමු පරිවර්තන කෘතිය






















සිළුමිණ - 17.03.2019
http://epaper.silumina.lk/PaperArticle.aspx…

ආදරණීය මම්මා














දුක කියන්නේ මොකද්ද කියල අපි දැනන් හිටියට දුකක නියම වේදනාත්මක දුක දැනෙන්නේ අපි එ්කට මූණ දුන්නට පස්සෙයි. එ් වේදනාව මමත් මගේ පවුලේ අයත් මේ ටිකේ නොඅඩුව විඳිනවා. එ් අපේ ආදරණීය ආච්චි අම්මා අපෙන් ගතින් සමුගෙන වෙන් වුණ නිසයි. ආච්චි අම්මා වුණාට අපි පොඩි කාලේ ඉඳන්ම ඇයව ඇමතුවෙ මම්මා යනුවෙන්. එ් අපේ අම්මත්, ලොකු අම්මත්, මාමත් ඇයව අමතපු ආකාරය පොඩි කාලයෙ සිටම කන වැකුණ නිසා වෙන්නැති. අද මම්මා අපි අතර නෑ. ඇය අරඹයා මේ ලිපිය ලියන මේ දැණුත් මගේ ඇස් වලට කඳු උනනවා ඇය නැති ශෝකය නිසාවෙන්.

ඉපදුන හැමෝම අවසානයේ නැති වෙනවා කියන ධර්මය මම අනන්තවත් අහල තියෙනවා. එ්ත් අර සමහරක් අය කියන්නේ 'කියනවා වගේ ලේසි නෑ විඳිනකොට' කියලා. අන්න එ් කතාව නම් ඇත්තටම ඇත්ත. මම්මා නැති වේදනාව ඇත්තටම ගැඹුරු වේදනාවක්ම තමා.

කට වචනෙට මිනිස්සු කීවට 'ගතින් නැතත් හිතින් ළඟ ඉන්නවනෙ' කියලා -- හිතින් වගේම ගතිනුත් අපි ආදරය කරන අය හැමදාමට අප ළඟ ඉන්නවනම් කොච්චරද කියල මට හිතෙවා. ආදරණියයන් ඈත්වෙනකොට ඔවුන්ගේ මතකයන් අපිව බදාගන්නවා. මතකයන් ලස්සනයි. එ්ත් දුක..

අපි-- අක්කියි මමයි නංගියි පුංචි කාලයේ ඉව්ව ප‍්‍රථම සෙල්ලම් බතේ මතකයන් පවා තියෙන්නෙ මම්මත් එක්ක. කුස්සිය පැත්තෙ මිදුලෙ ගල් තුනකින් පොඩි ලිපක් හදලා ඉව්ව ඒ සුදු බතේ මතක චිත‍්‍රයන් දැනුත් මගේ මනසේ ඇඳෙනවා. මම එදා හිතන් හිටියේ අපි උයන්නේ වැලිබත් කියලා. මට මතකයි මම මම්මගෙන් ඇහුවා 'මම ඕකට තව වැලි ටිකක් දාන්නද' කියලත්. අද එ් සිද්දීන් සුන්දර මතක වුණාට ඇස් තෙත් කරන්නට සමත් තියුණු මතකයන්.

මම්මගෙ අඩුව පුරවන්න මේ ලෝකෙ කිසි කෙනෙක්ට බෑ. ඇගෙන් අපි ඉගෙන ගත් දේ බොහෝයි

අපි පුංචි කාලයේ මම්මා අපිට ළමාසාරි අන්ඳවගෙන දහම් පාසැල් යනවා. පාසැලේ්දී, දහම් පාසැලේදී වගේම මහ ගෙදර පැවැත්වූ මොන්ටිසූරියේදීත් ඇගෙන් අකුරු කරපු, හොඳ නරක, ගුණ ධර්ම උගත් දරු දැරියන් ඕනෑ තරම්. ගමේ සියල්ලෝම පාහේ මම්මව ඇමතුවෙ ටීචර් කියලා. මට මතකයි මම්මව පන්සැල් එක්කන් ගිය එක වතාවකදී, එදා පන්සලට ඇවිත් උන්න මැදිවියේ දෙතුන් දෙනෙක් 'ආනේ මේ ටීචර්නෙ' කියාගෙන ඇවිත් මම්මව දෙපැත්තනේ වත්තම් කරන් බුදු මැදුරට එක්කන් ගියා. එදා මට දැණුනෙ කියාගන්න බැරි තරම් ආඩම්බරයක්. මම්මා ඇස් ලොකු කරන් එ් කීපදෙනා දිහා බැලුව විදිහ, මම්මගෙ මූණේ එ් වෙලාවෙ තිබ්බ පුදුමසහගත හිනාව මට දැනුත් හොඳට මතකයි. අවුරුදු 90 කට කිට්ටු කරලා හිටිය ටීචර්ව දැකලා එ් ළමයින්ගේ හිතේ ඉපදුණු බැතිබර බව කොච්චරද..

ගමේ තිබ්බ මගුල් ගෙවල් වලටත් මම්මව නැතුවම බැරි චරිතයක් වුණා. එ් ගමේ ජයමංගල ගීත කණ්ඩායම පුරුදු පුහුණු කරෙත් මම්මා නිසයි. එ් දවස්වල කණ්ඩායමේ හිටිය බාලම කෙනා මම. ජයමංගල ගාථාවන් මතකයෙන් නිවැරදිව කීවත් මට අමතක වුණු එකම දේ තමා ගාථාවන් අවසානයේ ආචාර පවත්වන්න දෑත ඔසවලා වඳින එක. ඉතින් මම්මා මගේ ළඟ හිටිය අක්ක කෙනෙක්ට කියල තිබුණා වඳින්න දෑත රවුමට ඔසවලා ගද්දි මගේ අතට පොඩි තට්ටුවක් දාන්න. එ් මතකයන් ඔස්සේ අද මම්මව තට්ටු වෙන්නෙ හදවතේ ගැඹුරුම තැනට.

ගමනට වගේම ගෙදරටත් මම්මා ඇන්ඳේ ඔසරියම තමා. මගේ මනසට මේ දැනුත් මම්මා මහ ගෙදර එහා මෙහා ගිය විදිහ මැවී පේනවා. හවසට මල් කඩලා බුදු කාමරේ මම්මා පංසිල් ගත්ත විදිහ. මිදුලෙ කොනේ ජම්බෝල ගහ ළඟ හදලා තිබ්බ පහන් කණුවේ පහන පත්තු කරලා මම්මා වැඳන් ඉන්නවා මට මේ දැනුත් මැවිල පේනවා. එ් මතකයන් කොච්චර සුන්දරද. එ්ත් එ්වා මතක් වෙන වාරයක් වාරයක් පාසා හිත දැවෙනවා. නෙතු හැඬෙනවා.

අදට හරියටම මම්මා අපෙන් සමුගෙන දවස් 7ක් වෙනවා. මම්මව තව එකම එක වාරයක් හෝ හැබැහින් දැක ගන්න තිබ්බ නම් කොච්චරද කියල හිතෙන වාර ගණන අන්නතයි. අප‍්‍රමාණයි. නොරට විසීම කරුමයකටත් එහා ගිය කරුමයක් බව දැනෙන්නේ මේ වගේ අවස්තාවන්වලදී තමා. ආදරණියයන්ව අඩුම ගණනේ ඔවුන්ගේ අවසාන මොහොතෙදිවත් දැක බලා ගන්න වාසනාවක් නැති වෙනකොටයි. මම්මා අපෙන් සමුගත් පුවත මහ පාන්දරයාමෙ ලොකු මල්ලි දුරකථනයෙන් මට කියනකොට මට ඉස්සෙල්ලාම කියවුණේ 'අයියෝ' කියන වචනයයි. එතකොට හිතට කඩාගෙන බිඳගෙන ආව දුක නම් අදටත් අඩුවක් නෑ. මම්මා ගතින් අපි ළඟ නැති හිස් අඩුව හැමදාම අපි අතරෙ තියෙනවා සහතිකයි. එ්ත් අයියෝ.. එ්කට මොනා නම් කියල කරන්නද.. ඉකිය, කඳුළ හිර කරන් මතකයන් අවදිකර හූල්ලනවා ඇරෙන්න. හදවතින් ඇයට නමස්කාර කරනවා ඇරෙන්න.

ආදරණීය මම්මේ අපි ඔබට හැමදාමත් ආදරෙයි. ආදරණීය ඔබට නිවන් සුව අත්වේවා..!!



ආදරණීය ප‍්‍රගීත් අන්කල්

පහත සඳහන් ලිපිය සති කීපයකට පෙර (නැවතත්) අතුරුදහන් වූ, මාධ්‍යවේදී "ප්‍රගීත් එක්නැලිගොඩ" මහතා වෙනුවෙන්....        "රුවන්දි නෙරංජලා" සොයුරිය විසින් ලියූවකි.












ආදරණීය ප‍්‍රගීත් අන්කල්,

ප‍්‍රගීත් අන්කල් කවදාක හරි මේ ලිපිය දකීවි කියන විශ්වාසය තියාගෙන මම මේ ලිපිය ලියන්නේ. මාස කිහිපයකට පළමුවෙන් ඔබ මට ලියූ ලිපිය නැවත 'ලංකාදිප' පත‍්‍රයෙහි පළවී තියෙනවා මම දැක්කේ අහම්බෙන්. ඔබ ඒ ලිපිය ඒව්වේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ ඔබ පළමුවරට පැහැරගෙන ගොස් නිදහස් කළ පසුවයි. අවුරුදු විස්සකින් පසු පළමු වතාවට.

මම ප‍්‍රගීත් අන්කල්ට ලියන්න පෙළඹුණේ ඒ සිදුවීම විසින් මා තුළ ඇති කළ කම්පනයයි. අවුරුදු විස්සක් කොයි තරම් දිගු කාලයක්ද?

ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගිය බවට ඒ අගොස්තුවේදී පුවත් පළ වී තිබුණත් ඔබ මා කුඩාකළ දැන සිටි ප‍්‍රගීත් අන්කල් යැයි මට එක්වරම නොසිතුනේ ළමා විය ගැන මගේ මතකය දුබල නිසා විය හැකියි. ඒත් ඔබේ පින්තුරයක් අහම්බෙන් දැක්කාම මට ඔබ කවුදැයි යන වග මතක් වූයේ ඔබේ රුව මගේ ළමාවිය ගැන ඉතිරිව ඇති මතක කැබැලිති අතර විසි වසක් නොනැසී තිබූ නිසායි. ඔබට කතා කළ යුතුයැයි කියන හැඟීමෙන් දින කිහිපයක් තැවුල් විඳි මම අසීරුවෙන් ඔබේ දුරකතන අංකය සොයාගත්දා කොයිතරම් සතුටු වූවාද? ඔබට ලියූ පළමු ඊ මේල් පණිවුඩය මම ලිව්වේ වේදනාබර සතුටකින්. ඔබ විඳි දුක් ගැහැට ගැන ඇසීමෙන් හටගත් වේදනාව යටකොට ළමා වියේ මා දැන සිටි 'ප‍්‍රගීත් අන්කල්'ට විසි වසරකින් පසු ලියන්නට ඉඩ ලැබීම සතුට කොයිතරම්ද?

ඒත්, නැවතත් ඔබ අතුරුදහන් ප‍්‍රගීත් අන්කල්! මේ ලියන මොහොත වනවිට ඔබ ගැන තොරතුරක් නැතිව හරියටම දින 30ක්. ඔබ ගැන සිත නිවෙන පුවතක් දැකීමේ නොමැඩිය හැකි ආශාව මේ දවස් මුළුල්ලේ මා හැර නොයා රැඳෙන්නේ මගේ ළමා කාලය පිළිබඳ ඇති ප‍්‍රීතිමත් මතකයන් අතර ඔබ අදත් ජීවමාන නිසායි. ඔබ ලියා තිබුණා වගේම මම අද, මගේ තාත්තාගේ ඔබ වැනි ආදරණීය මිතුරන්ගේ සෙනෙහස විඳ හැදී වැඩුණු ඒ පුංචි දැරිය නොවේ. සමාජය ගැන දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙක්. නමුත් දෙවෙනි වතාවේත් අතුරුදහන් වූ ඔබ ගැන යමක් කරන්නට අපි කිසිවෙකු සමත් වී නැහැ. ප‍්‍රගීත් අන්කල් මට ලියූ වචන මතකද? අද තියන භීෂණකාරීත්වය ගැනත්, ඔබ වැන්නන්ගේ අවදානම් ඉරණම් ගැනත් ඒ ලියූ හැම වචනයක්ම මට කට පාඩම් වන තරම් මම ඔබේ ලියුම කියවා තිබෙනවා. නමුත් නැවතත් ඔබව පැහැරගෙන යන තුරුත්, ඉන් පසුත් අපට කළ හැකිව ඇති දේ කොයිතරම් අල්පද?

ප‍්‍රගීත් අන්කල්, මම ළමා කාලයේදී අත් දුටු අතීත භීෂණයට වඩා අද භීෂණකාරීත්වය වෙනස් කියා ඔබ ලියා තිබූණා මතකද? ඔබ නිදහස්ව ආ දවස්වල ලියූ ඒ වචනවල බැරෑරුම්කම මට දැනෙන්නේ දැන්. මගේ ජිවිතයේ අඳුරුතම කාලය වූ 88-89 සමයේ මාත් - අක්කාත් පණ පිටින් මළවුන් බවට පෙරළු භීෂණයෙන් මට කිසි කලක ගැළවුමක් ලැබෙතැයි මම හිතන්නේ නැහැ. නමුත් විසි අවුරුද්දකට කලින් ජනතා විමුක්ති පෙරමුණෙන් ඝාතනය කළ ප‍්‍රතිපත්ති ගරුක මිනිසෙකු වූ මගේ තාත්තා ගැන මතකයෙන් පෑරෙන අපේ ජීවිත සුවපත් කරන්නට උදව් කළ ප‍්‍රගීත් අන්කල් වැනි ආදරණීය කාරුණික මිනිසුන්ට විසි අවුරුද්දකට පසුවත් ලංකාව අනාරකෂිත තැනක් වන්නේ ඇයි?

ඒ අතීත ළමා කාලයේ මතකය තවමත් සිහිනයන් වගේ. ප‍්‍රගීත් අන්කල් අපේ ගෙදරට එන්නේ 80 වැඩ වර්ජනයෙන් පස්සේ. සාලයේ වාඩිවී තාත්තා එක්ක දොඩමළු වන සිහින් සිරුරක් ඇති ඒ ප‍්‍රගීත් අන්කල් මට තවමත් මතකයි. අපි ඉගෙනගත් ඌව කරඳගොල්ලේ පුංචි ඉස්කෝලයට පුස්තකාලයක් හදන්න තාත්තා එක්ක මහන්සි වුණු ඒ දවස් අන්කල්ට මතකද? ඉස්කෝලේ ළමයින්ට බුදුන් වඳින්නට කියා අපේ ගෙදර ඉස්සරහ තියාගෙන අන්කල්ගේ අතින් නිර්මාණය කළ බුද්ධ ප‍්‍රතිමාවට අදත් ඒ ඉස්කෝලයේ දරුවන් වඳිනවා ඇති. නොදන්නා දුර ඈත ගමක, නොදන්නා මිනිසුන්ගේ දරුවන්ට වඳින්නට රෑ දවල් වෙහෙස වී ඒ බුදු පිළිමය අඹන්නට අන්කල් මහන්සි වූ දවස්වල මගේ තාත්තා ඒ අසළට වී බලා ඉන්නා විදිය මේ ලියන මොහොතෙත් මගේ හිතේ දුක්බර රූපයක් වී ඇඳෙනවා. විසි අවුරුද්දකට පසුව පවා ඒ දුප්පත් ඉස්කෝලයේ පියස්ස යටට එකතු වෙන දරුවන්ට වඳින්නට බුදු පිළිමයක් නෙලු නොදන්නා මිනිසා කොළඹ වීදියක හිටි ගමන් අතුරුදහන් වූ බව කරඳගොල්ලේ දරුවන් කෙසේ නම් දැනගන්නද?

ආදරණිය ප‍්‍රගීත් අන්කල්, කිසිදාක අමතක නොවෙන ඒ අඳුරු අතීතය මැද දිලෙන පහන් ආලෝකයක් වැනි ඔබේ මනුෂ්‍යයත්වය ගැන මේ ලියූ සියල්ලට වඩා අමතක නොවෙන තවත් දෙයක් මම ලියන්නම්. තාත්තා මුහුණ දුන් රුදුරු මරණයෙන් පසුව භීතියෙන් තැතිගත් නෑ හිත මිතුරන් බොහෝ අය අපේ තාත්තාගේ අළු පවා තියා ගන්න බිය වුණු කාලයක් ඒ. කුඩාවියේ සිටි අක්කාට හෝ මට තාත්තාගේ අවසන් මොහොත පවා දකින්නට ඉඩක් ලැබුණේ නැහැ. අපි උස් මහත් වී වැඩිහිටියන් වූ දවසක අපට දෙන්නට අපේ තාත්තාගේ අළු ළඟ තබාගෙන පරිස්සම් කර දෙන්නට තරම් හදවතක් හා ධෛර්යයක් තිබුණේ ඔබට බව මම දැනගත්තේ ගොඩාක් පසු කාලයකයි. නමුත් ඒ භීෂණයේ කුණාටුවෙන් බිඳී විසිරුණු කැදැල්ලකින් විසිව තැනින් තැන හැදී වැඩුණු අක්කාත්, මමත් ඔබ හමුවන්නට ප‍්‍රමාද වූ නිසා, ඔබ ඉතා ගෞරවණීය විදියට මගේ තාත්තාගේ අළු කැලණි නදියේ පා කළ බවත් මම දැනගත්තේ ඒ කාලයේදීයි. කොළඹ වීදියක මහ රැයක අතුරුදහන් වූයේ ඒ තරම් උතුම් මනුෂ්‍යයත්වයෙන් හෙබි දුර්ලභ මිනිසෙකු බව මිනිස් තෙතමනයක් නොදැනෙන සමාජයකට කියා තේරුම් කර දෙන්නට මට කවදා නම් පුළුවන් වේවිද ප‍්‍රගීත් අන්කල්?

ආදරණිය ප‍්‍රගීත් අන්කල්, මගේ තාත්තා එනතුරු මග බලා ඉන්න තිබුණා නම් ජීවිතය කෙළවර වන තුරුම අපේකෂා අත් නොහැර මට බලා ඉන්න හයිය තිබුණා. භීෂකයින්ගේ දෑතින් විකෘති කළ මගේ තාත්තාගේ කෙසඟ සිරුර ඒ බලාපොරොත්තු මගෙන් උදුරා දැමුවා. ඒත් ප‍්‍රගීත් අන්කල් නැවත එන බවට අද මගේ විශ්වාසය ශක්තිමත්. කිසි දවසක දැක නැති අන්කල්ගේ පවුලේ අය සමග අන්කල් නැවත එනතුරු බලා ඉඳින මිනිසුන් අතර මමත් රැඳී ඉන්නේ ඒ නිසායි. ඒ ආ දවසක සන්සුන් සිතින් අන්කල් මේ ලිපිය කියවන බව මට විශ්වාසයි. නැවත පෙරළා එන්නට ප‍්‍රගීත් අන්කල්ට ශක්තියක් වෙන්නේ අපි හැමෝම තුළ ඇවිළෙන ඒ විශ්වාසයයි.

මට ලෝකයක් තරම් ආදරය කළ මගේ තාත්තාගේ අවසන් අළු බඳුන අපි වෙනුවෙන් රැකගන්නට හදවතක් තිබූ ඔබ මගේ තාත්තාගේ ආදරය විසින්ම රැකදෙන බව මට ඒකාන්තයි !



මම, නන්දේගේ දුව


රුවන්දි නෙරංජලා | Ruwandi Neranjala