Showing posts with label z - Songs | සිංදු. Show all posts
Showing posts with label z - Songs | සිංදු. Show all posts

කලා වැව සිපගන්න



කටහඬ - මේකලා ගමගේ
සංනාද - රේණුක ශ්‍රියන්ත ගේය කාව්‍ය සහ වීඩියෝ නිර්මාණය - එරංගා පෙරේරා නාද සංකලනය - චලිඳු සංකල්ප ඉංග‍්‍රීසි පෙරැළිය - මානෙල් ප‍්‍රනාන්දු Voice - Mekala Gamage Music - Renuka Sriyantha Lyrics & Video - Eranga Perera Audio Mixing - Chalindu Sankalpa English Subtitles - Manel Fernando

කලා වැව සිපගන්න

 


කලා වැව සිපගන්න
ඇසළ සඳ කිරණ යට
දෙඞුව මුතු පබළු වැල් හඬනවා...
මා දමා ඔහු ගිහින්
යළි නොයෙන ලෙසින් දුර
ඇසළ සඳ යට මෙමා තනිවෙලා...

අපේ පෙම් රහස් ගැන
දැන උන්නු මල් පොකුරු
පුදුමයෙන් පිබිද බලනවා...
සුදුවතින් සැරසීලා
හඬන මා දෙස බලා
රෑ කුමරි මල් සොවින් මැලවෙනා...

කලා වැව තරහ නොවි
ඕලු මල් පුබුදන්න
නිමල නිර්මල සුවඳ ගල්වලා...
හිමිදිරියෙ මට ඉතින්
ඔහු වැළලු සොහොන් බිම
මල් වලින් පුරවන්න පේවිලා...

--

ගායනය: මේකලා ගමගේ
සංනාද:  රේණුක ශ‍්‍රියන්ත
ගේය කාව්‍ය: එරංගා පෙරේරා
නාද  සංකලනය: චලිඳු සංකල්ප


දවසේ ගීතය | Song of the Day

2022 ජූලි මස දොළොස්වෙනිදා, 'ඉසිර Pearlbay FM' ගුවන්විදුලි නාලිකාව විසින් අපේ 'රැහැයියනේ රැහැයියනේ' අලුත් ගීතය, 'දවසේ ගීතය' ලෙසට තෝරාගෙන තිබුණා. ගීතය විකාශනය කිරීමට මත්තෙන්, මෙම නාලිකාව විසින් මා ඇතුළු නවරත්න ගමගේ සහ මේකලා ගමගේ  යන අපි තිදෙනාවම සජීවීව සම්බන්ඳ කරගත්තා. මේ තියෙන්නෙ අපේ ගීතයේ, ඒ කතාබහ හඞපටය..

රැහැයියනේ රැහැයියනේ


අපේ රත්තරං පුංචි පුතු මැණික වෙනුවෙන් ජනිත කරපු ගී මුතුවක්!

රැහැයියනේ රැහැයියනේ 
සද්ද එපා පුතු නිදනවා 
කවඩි සිනා පුංචි මුවේ 
පිරිල ඉතිරිලා යනවා 

කඩුපුල් මලෙ බලාගෙනයි 
පෙති ඇරෙද්දි පුතු ඇහැරෙයි 
අතඟැලි ටික මිට මොළවා 
මගේ පුතා දොයියනවා 

කිරි සුවඳට ඉව වැටිලා 
කුමුදු මලුත් නැළවෙනවා 
අම්බිලියා හා එක්වෙලා 
මගේ පුතුගෙ රුව කියනවා 

 සුරංගනාවියෝ ඇවිදින් 
මගේ පුතුව හිනස්සනවා 
හීනෙන් හිනැහෙන මා පුතු 
අම්මට තව තුරුළු වෙනවා 

-

කටහඬ - මේකලා ගමගේ 
සංනාද - නවරත්න ගමගේ 
ගේය කාව්‍ය - එරංගා පෙරේරා 
ඉංග‍්‍රීසි පෙරැළිය - මානෙල් ප‍්‍රනාන්දු



මදටි කැලෙන්













මදටි කැලෙන් පැනල ආපු
හා පැටියෙක් උන්නා
කළු උනාට හරි හුරතල්
හා පැටියෙක් වූවා
දිග කන්වල හා පැටියගෙ
සුදු පුල්ලී තිබුණා
ඒක දැකල සන්තෝසෙන්
අපට හරිම හිනා හිනා

ඒ සද්දෙට බයවී ඌ
පඳුරක හැංඟුනා
හොරෙන් හොරෙන් පඳුර තුළින්
ඇස් ලොකු කර බැලුවා
උඳුපියලිය සොයා එන්න
අප හනිකට දිව්වා
උඳුපියලිය සොයානවිත්
පඳුර ළගින් තිබ්බා

මදටි කැලෙන්....

ගහකට අප මුවාවෙලා
කනවාදැයි බැලූවා
උඳුපියලිය කන්න ආවෙ
නැහැනේ පොඩි හාවා
අපේ පුංචි හා පැටියා
කැලේට රිංගලා
හෙටත් ආයේ ඌ එයිදෝ
හරියට දුක හිතුනා

මදටි කැලෙන්....

2006.09.29

සිඟිති කටහඬ: සසිඳු මැද්දේගොඩ
සංගීතය: කපිල මැද්දේගොඩ
ගී පද: මුතු පබා

සිංදුව අහන්න....

සඳුට රහසේ

Image and video hosting by TinyPic

සඳුට රහසේ ගීත ලියනවද
හිරුට රහසේ ගීත ලියනවද
කාට රහසේ ගීත ලීවද
නුඹට නොවන ගී කාට ලියන්නද

තරු මුතු පිණිබිඳු දේදුනු මල්ගොමු
ගොණුකර අමුණන ගී පද මටමද

මා හද නිබදව සෙනෙහෙන් පුරවන
නුඹට නොවන ගී කාට ලියන්නද


ලොව ඇත සහසක් කුමාරිකාවන්
කිවිඳුන් මනරම් ගී හට පෙම් බැඳ

එනමුදු කිවිඳුන් හදරැඳි කුමරියෙ
නුඹට නොවන ගී කාට ලියන්නද



2008.12

ගී පද : මුතු පබා
ගී මියැසිය : කපිල මැද්දේගොඩ
ගායනය : විශාරද ප්‍රසාද් කරුණාමුණි සහ ඉරෝෂා මැද්දේගොඩ


සිංදුව අහන්න....