ආ ගිය මතක
මෙතෙකැයි කිව නොහැකි
කතා නම් වේ අපමණ
තිතක් නැතුවාට අග
නිහඬව ඉවර වුණ
කාලයට මුසුව
නිධන් කෙරුවාට සුවඳ
කළු ගලත් සිදුරුව
සුපිපෙන්නේ ඒ හුස්ම
හිතක පතුලක පැහැය
ගැඹුරේම සිඳුනාට
පිපෙන ලා පුංචි මල්
ආ ගිය මතකමය
:)
:(
:))
:((
=))
=D>
:D
:P
:-O
:-?
:-SS
:-f
d(
:-*
b-(
h-(
g-)
5-p
y-)
c-)
s-)
d-)
w-)
:-h
:X





August 11, 2026 at 2:22 PM
මේක කියවද්දි මුලින්ම දැනෙන්නේ කාලයත් එක්ක නිහඬව වළලුණු මතකයක් ගැන කියන කවියක් කියන හැඟීම. කියන්නට තිබුණු කතා අපමණයි. ඒත් ඒ කතාවලට අවසානයේ තිතක්වත් වැටෙන්නේ නැතුව, නිහඬවම ඒවා අතීතයට යනවා.
මට නම් කවියේ හරිම ලස්සන තැනක්,
“කාලයට මුසුව
නිධන් කෙරුවාට සුවඳ
කළු ගලත් සිදුරුව
සුපිපෙන්නේ ඒ හුස්ම”
කියන කොටස.
කාලයත් එක්ක හැමදේම අමතක වෙලා ගියා වගේ පෙනුණත්, සමහර මතකවල සුවඳ එහෙම වළලන්න බැහැ. කළු ගලක් වුණත් සිදුරු කරගෙන මලක් පිපෙනවා වගේ, හිතේ ගැඹුරක සඟවා තිබුණු හැඟීම් කොහෙන් හරි ආයෙත් මතු වෙනවා.
අන්තිමට,
“පිපෙන ලා පුංචි මල්
ආ ගිය මතකමය”
කියන පේළි දෙකෙන් ඒ හැඟීම තවත් ලස්සනට සම්පූර්ණ කරනවා. මතක කියන්නේ හැම වෙලාවෙම විශාල සිදුවීම් නෙමෙයි. සමහර වෙලාවට ඒවා හිතේ කොහේ හරි පිපෙන ලා පුංචි මල් වගේ—කොච්චර කාලයක් ගියත්, එක සුවඳකින්, එක දර්ශනයකින්, එක වචනයකින් ආයෙත් පිපෙනවා.
කවියේ විශේෂම දේ මට දැනෙන්නේ කියපු දේට වඩා නොකියපු දේ වැඩි වීම. කවියා හැමදේම විස්තර කරන්නේ නැහැ. ඒ හිස්තැන් පාඨකයාට පුරවන්න ඉඩ දෙනවා.
ඒ නිසා මේක එක පාරක් කියවලා පැත්තකින් තියන්න පුළුවන් කවියක් නෙමෙයි. නිහඬව දෙතුන් පාරක් කියවද්දි, තමන්ගේම අතීතයෙන් කවියට අර්ථයක් එකතු වෙන්න පටන් ගන්නවා.
කෙටියෙන් කිව්වොත්, වළලා දැමූ මතකයක් ගැන ලියූ කවියක් වගේ පටන් අරගෙන, අවසානයේ ඒ මතකයම පුංචි මලක් කරලා හිතේ පිපෙන්න ඉඩ දෙන ලස්සන නිහඬ කවියක්.
August 13, 2026 at 12:55 PM
කවියෙකුට කිවිඳියෙකුට තමන්ගෙ නිර්මාණයකට මේ වගේ අර්ථකථනයක් ලැබුණම තමයි, තමන්ගෙ නිර්මාණයේ ලස්සන ආයෙ ආයෙත් දැනෙන්න ගන්නෙ...!! බොහොම ස්තූතියි ඔයාට,ඒ අගය කිරීම මගේ නිර්මාණයට ලබාදුන්නාට 🌺