කෙසෙල්










සාමාන්‍යයෙන් කෙසෙල් වැවෙන්නෙ රස්නෙ දේශගුණයක් තියෙන රටවල්වලනෙ. හැබැයි මේ පින්තූරෙ තියෙන කෙසෙල් පඳුර නම් වැවෙන්නෙ, සීතල කාළගුණයක් තියෙන නෙදර්ලන්තයේ. ඒකට හේතුව තමයි මෙයාගෙ මව් ශාකය එන්නෙ, සීතල පුරවගත් හිමාලයෙන්. ඒකනිසා වෙන්න ඇති නෙදර්ලන්තයත් සීත රටක් වුණාට මෙයා බය නැතුව පොළොවෙ පය ගහල ඉන්නෙ. මේ කෙසෙල් පඳුරෙ මෙහාට එනකොට තිබ්බෙ එක පුංචි කෙසෙල් පැලයක් සහ මොටයියා දෙක තුනක් විතරයි. ඒ මීට අවුරුද දෙක, තුනකට උඩදි. එත් දැන් බලන්නකෝ, ආඩම්බරෙන් උස ගිහින් ඉන්න විදිහ... ඉඳලා හිටල හරි නැවුම් කෙහෙල් කොළයක බත් කටක් කන්න ලැබෙන එකත් එසේ මෙසේ සතුටක් නෙමෙයි.  ඒකත් මගේ දෙමව්පියන්ගෙ ආදරණීය දෑතට පිං සිද්ද වෙන්න තමයි ඉතින් ☺️😇






0 Response to "කෙසෙල්"

Post a Comment

Show Emoticons