රැහැයියනේ රැහැයියනේ


අපේ රත්තරං පුංචි පුතු මැණික වෙනුවෙන් ජනිත කරපු ගී මුතුවක්!

රැහැයියනේ රැහැයියනේ 
සද්ද එපා පුතු නිදනවා 
කවඩි සිනා පුංචි මුවේ 
පිරිල ඉතිරිලා යනවා 

කඩුපුල් මලෙ බලාගෙනයි 
පෙති ඇරෙද්දි පුතු ඇහැරෙයි 
අතඟැලි ටික මිට මොළවා 
මගේ පුතා දොයියනවා 

කිරි සුවඳට ඉව වැටිලා 
කුමුදු මලුත් නැළවෙනවා 
අම්බිලියා හා එක්වෙලා 
මගේ පුතුගෙ රුව කියනවා 

 සුරංගනාවියෝ ඇවිදින් 
මගේ පුතුව හිනස්සනවා 
හීනෙන් හිනැහෙන මා පුතු 
අම්මට තව තුරුළු වෙනවා 

-

කටහඬ - මේකලා ගමගේ 
සංනාද - නවරත්න ගමගේ 
ගේය කාව්‍ය - එරංගා පෙරේරා 
ඉංග‍්‍රීසි පෙරැළිය - මානෙල් ප‍්‍රනාන්දු



0 Response to "රැහැයියනේ රැහැයියනේ"

Post a Comment

Show Emoticons