වෙනසක වෙනස

Image and video hosting by TinyPic

සිඳී ගිය අතු ඉති අතර
තවමත් වේය
තුරු පතක් දෙකක්;
හේමන්තයට
සමුදෙන්න නොහැකිව,
වැරෙන් පණ නළ
අල්ලා සිටින.

බැලු බැලූ අන් අත
පොළොවට හාදු දෙන
රත්රන් ය;
තුරු හිසෙන් වෙන්ව ගොස්
සිසිරයට,
දෙ-අතම දිගු කරන.


මුතු පබා
2011.11.25

මම පාන සෙනෙහස


ආදරයක මහිම



මලින් මලට පිරි ඉතිරුණ
මතක මාවතේ
සෙනෙහෙ සුවඳ මං විඳිනව
තාමත් රහසේ

තුරුළු වෙලා බදාන උන්
තුරුලිය ගොමු සෙවණේ
මතකද විහඟුන් ඔච්චම්
කරලා පියැඹුවේ

තොල්පෙති දඟකාර ලෙසට
එකට පැටළුනේ
මතකද මුදු සිත සුළං
අප තව ළං කළේ

පපුතලයට තුරුළු වෙලා
ඔය උණුසුම වින්දේ
නුඹෙ ඒ සෙනෙහස දෙනවද
හැමදාමත් සසරේ


මුතු පබා
2006.08.27


ආදරයේ සොඳුරුතම වින්දනයට බනින්න නම් එපා....!!


අනේ බබෝ..


සඳ සාවිය



ගව් ගාණක් දුර සිටියත්
මගෙන් වෙන්ව නුඹ ලොවේ
සඳ සාවිය මමයි සදා
නුඹෙ ලස්සන හීන ලෝකේ

නෙතු අබියස මා නැතුවට
නුඹට පෙනෙන හැකි ලෙසේ
මිණිකැට පොඩි තරු බලන්න
නුඹට පෙනෙයි මම එහේ


මුතු පබා
2007

Licht



Mag de maan
nog ietsje
groter worden
totdat we stroom krijgen
in ons dorp


Oorspronkelijke titel "Eliya" van "Koombiya"

Vertaald door: Eranga Perera
07.10.2011

හොයන්නට සත්වයෙක්..

හැමදාම කවි කතන්දර, කතන්දර කවි, කවි කතන්දරම බ්ලොග් බිමේ පැල කරන නිසා වෙනසකටත් එක්ක පොඩි වෙනසක් කරන්න හිතුණා. 

මීට පහළින් තියෙන පින්තූරයේ ඉන්නවා සතෙක්.. (මොන වගේ සතෙක්ද කියල නම් කියන්නෙ නැහැ හැබැයි..) බලන්න ඔයාලටත් ඒ සතාව හොයන්න පුළුවන්ද කියලා.. සතාව හොයන්න ගන්න කළින් වෙලාව බලන්න. උත්තරය හොයාගන්න කොච්චර වෙලාවක් ගියාද කියලා ඊටපස්සෙ කියන්න. හ්ම්.... තව එකක්; අනික් අයගෙ අදහස් කියවන්න කළින් උත්තරය හොයන්න බැලුවනම් තමයි ගොඩක් හොඳ. බලමු කාගේ ඇස්ද හොඳට පේන්නෙ කියලා. 
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මල් ඔටුන්න