Posted in
Labels:
Sinhala,
කවි
|
Thursday, November 17, 2011
මලින් මලට පිරි ඉතිරුණ
මතක මාවතේ
සෙනෙහෙ සුවඳ මං විඳිනව
තාමත් රහසේ
තුරුළු වෙලා බදාන උන්
තුරුලිය ගොමු සෙවණේ
මතකද විහඟුන් ඔච්චම්
කරලා පියැඹුවේ
තොල්පෙති දඟකාර ලෙසට
එකට පැටළුනේ
මතකද මුදු සිත සුළං
අප තව ළං කළේ
පපුතලයට තුරුළු වෙලා
ඔය උණුසුම වින්දේ
නුඹෙ ඒ සෙනෙහස දෙනවද
හැමදාමත් සසරේ
මුතු පබා
2006.08.27
November 17, 2011 at 3:56 PM
අවුරුදු ගානකට උඩදි ලිය උන කවියක් නේද?? ලස්සනයි..
November 18, 2011 at 9:13 PM
Lassanai akke... :)
November 21, 2011 at 9:48 PM
Dinesh, Nuwan මල්ලි ඔය දෙන්නටම ස්තූතියි! :)