නොකී වෑයම
ආ ගිය මතක
කලා වැව සිපගන්න
Gezien en zeker gehoord
- As if -
වෙරළු සුවඳ
අම්මෝ අම්මිගේ වෙරළු අච්චාරුවේ රස 😌... දොලදුකක් එහෙම නම් නෙමෙයි ඔන්න.
පුංච් සංදියේ පාන්දර පහට, පහමාරට අවදි වුන අවස්තා තිබුනා තරඟෙට වෙරළු ඇහිඳින්න යන්න. ඒ වෙලාවට කළුවර උනත්, කළුවරට ඇස් හුරුඋනාම වෙරළු උනත් ලෙහෙසියෙන්ම අඳුන ගන්න පුලුවන්...
ඒ සුන්දර දවස්, දවසක් සැඩ සුලඟකගට අහුඋනා. වෙරළු ගහ මුලුමනින්ම පොලොවෙන් උදුරල බිම හෙළලා තම සුලඟ යන්න ගිහින් තිබ්බෙ. කොළ පාට, තැඹිලි පාට කොල වලින් සහ මලින් පිරිල ඉතිරිල තිබුන ආදරනීය වෙරළු ගස බිම පතිත වෙල තියෙනව දැක්ක මට දැනුනෙ හරියට නිකන්, හදවතෙන් කෑල්ලක් කඩන් ගියා වගේ... 🥹
අවසාන අස්වැන්න
සීතල සුසුම
හදවත නතර කළ හඬ
මර බයෙන් කෑ ගහන
කලා වැව සිපගන්න
අතීතයෙන් බිඳක්
මේ සිදුවීම සිදුවුනේ මීට අවුරුදු 25 ට විතර උඩදි. ඒ දවස්වල අපි කුළියට හිටිය ගෙදර අයිතිකරුවන් හිටියෙත්, ඒ වත්තෙම පරණතාලෙට හදලා තිබුණ වලව්වක. ඒ වලව්වෙ වැඩට හිටියා, වයස අවුරුදු හතක් අටක් විතර වයසැති පුංචි පිරිමි දරුවෙක්. ඒ දරුවා කා එක්කවත් වැඩිය කතා බහක් නෑ. කතාව කෙසේ වෙතත් හිනාවෙන්නෙත් බයෙන් වගේ.
මට හරියට වෙලාව නම් මතක නෑ. කෙසේ හෝ වේවා දවසක් හොඳටම රෑ වෙලා, කට්ට කළුවර වෙලා තිබුණ අවස්ථාවක, මම හිටියේ කුස්සියේ සීනි මුරුක්කු හදන ගමන්. ඒ වෙලාවෙ ගෙදර වෙන හිටියෙ ආච්චියි, නංඟියි විතරයි. ඒ දෙන්නා හිටියෙ රූපවාහිනියෙ වැඩසටහනක් නරඹමින්. මම සාලෙට ආව වෙලාවෙ දැක්කා, ඉස්තෝපු බිත්තියේ පුංචි වාකවුළු වලින් කව්දෝ අපේ ගේ ඇතුළ දිහා බලන් ඉන්නවා.
දොර ඇරලා බලද්දි ඒ අර පුංචි කොලුවා. අපි එයාව ගේ ඇතුළට අරගෙන වාඩිවෙන්න පුටුවක් දුන්නා. මුලින්ම අපිට හිතුනේ රූපවාහිනිය නරඹන්න ආස නිසා හොරෙන් බලන් උන්නා කියලා. බැලින්නම් කොලුවා ඇවිත් තියෙන්නෙ බය නිසා. ගෙදර හැමෝම මහ රෑ ගමනක් ගිහින්, මේ කොල්ලව විතරක් ගෙදර තනියම තියලා. මම එළියට ගිහින් බැලුවමයි දැක්කෙ, ඒ ගිහිල්ල තියෙන්නෙත් ගෙදර හරියට විදුලිපහනක්වත් පත්තු නොකර කියලා.
"නෝනලා මහත්තයාලා ගමනක් ගියා, මම මේ හොරෙන් ආවේ" කියලත් ඒ ළමයා කීවා. මම හදපු සීනී මුරුක්කු ටිකක් එයාට කන්න දුන්නා. ඒ දරුවගේ ඇඟිලි සෑහෙන්න තුවාලවෙලා තිබුණ බව දැක්කෙ එතකොටයි. සමහරක් තුවාල වලින් එතකොටත් සැරව එනවා. මම ඊටපස්සෙ ඉස්සෙල්ලාම තුවාල පිරිසිදු කරලා පුළුවන් විදිහට බෙහෙත් දැම්මා.
දරුවා අපිත් එක්ක හිනාවෙවී ටික වෙලාවක් හිටියා. හැබැයි එයාගෙ කන තිබ්බෙ ගෙදර, මහ ගේට්ටුව ළඟ. "නෝනලා එන්න කළින් යන්න ඕනෙ", කියලත් වරක් දෙවරක් කීවා.
මම එයාට යනකොට අරන් යන්න දෙන්න කියලා, මල්ලකට මුරුක්කු ටිකක් දදා ඉන්නකොට,කොළුවා එක හුස්මට නැගිටිලා දුවගෙන අපේ ගෙදරින් එළියට ගියා, වාහනයක සද්දයක් ඇහිලා.
එදායින් පස්සෙ ඒ කොළුවා අපිව දැක්කත් දැක්කෙ නෑ වගේ ඉන්නවා. සති කීපයක් ගියාට පස්සෙ දවල්වරුවක, ඒත් ගෙදර කව්රුවත් නැතිවෙලාවක තමයි එයා කීවේ, එදා රෑ අපේ ගෙදර ඉඳන් එයා දුවන් එනවා ගෙදර අය දැකලා, එයාට හොඳටම ගැහුවා කියලා.
මට ඉඳලා හිටලා තාමත් ඒ අසරණ මූණ මතක් වෙනවා. අම්මා තාත්තා හෝ පවුලෙ තමන්ගෙම කියලා වැඩිහිටියෙක් නැති වුණාම, පුංචි දරුවො කොච්චර අසරණ වෙනවද...
අවුරුදු පහ හයකට උඩදි මම ලංකාවට ආව වෙලාවෙ අපි හිටිය ඒ ගෙදර පැත්තෙ නිකමට වගේ ගියා.
ඒ ළමයා හිටිය වලව්වෙ තිබුණ ගාම්භීරත්වය නම් ඒ වෙනකොට වැහැරිලා තිබුණෙ. ඒ වැහැරුණ වලව්වෙ උන්න ඒ පුංචි දරුවා, දැන් කොහේ ඇද්ද කියලා මට නිතරම හිතෙනවා. වලව්ව වැහැරුණාට ඒ දරුවා සම්බන්ධයෙන් තියෙන මතකය නම් කවදාවත් වැහැරෙන්නෙ නැති බවත් මම හොඳාකාරවම දන්නවා.
කෙසෙල්
සාමාන්‍යයෙන් කෙසෙල් වැවෙන්නෙ රස්නෙ දේශගුණයක් තියෙන රටවල්වලනෙ. හැබැයි මේ පින්තූරෙ තියෙන කෙසෙල් පඳුර නම් වැවෙන්නෙ, සීතල කාළගුණයක් තියෙන නෙදර්ලන්තයේ. ඒකට හේතුව තමයි මෙයාගෙ මව් ශාකය එන්නෙ, සීතල පුරවගත් හිමාලයෙන්. ඒකනිසා වෙන්න ඇති නෙදර්ලන්තයත් සීත රටක් වුණාට මෙයා බය නැතුව පොළොවෙ පය ගහල ඉන්නෙ. මේ කෙසෙල් පඳුරෙ මෙහාට එනකොට තිබ්බෙ එක පුංචි කෙසෙල් පැලයක් සහ මොටයියා දෙක තුනක් විතරයි. ඒ මීට අවුරුද දෙක, තුනකට උඩදි. එත් දැන් බලන්නකෝ, ආඩම්බරෙන් උස ගිහින් ඉන්න විදිහ... ඉඳලා හිටල හරි නැවුම් කෙහෙල් කොළයක බත් කටක් කන්න ලැබෙන එකත් එසේ මෙසේ සතුටක් නෙමෙයි. ඒකත් මගේ දෙමව්පියන්ගෙ ආදරණීය දෑතට පිං සිද්ද වෙන්න තමයි ඉතින් ![]()
![]()
දවසේ ගීතය | Song of the Day
2022 ජූලි මස දොළොස්වෙනිදා, 'ඉසිර Pearlbay FM' ගුවන්විදුලි නාලිකාව විසින් අපේ 'රැහැයියනේ රැහැයියනේ' අලුත් ගීතය, 'දවසේ ගීතය' ලෙසට තෝරාගෙන තිබුණා. ගීතය විකාශනය කිරීමට මත්තෙන්, මෙම නාලිකාව විසින් මා ඇතුළු නවරත්න ගමගේ සහ මේකලා ගමගේ යන අපි තිදෙනාවම සජීවීව සම්බන්ඳ කරගත්තා. මේ තියෙන්නෙ අපේ ගීතයේ, ඒ කතාබහ හඞපටය..
පුංචි පුතුගෙ කතන්දරේ
චචන
මේක මට නිකමට වගේ හිතුණ දෙයක්. බටහිර විජිතවාදී ග්‍රහණයට
ගොදුරක් වුණ ඔ්නෙම රටක, ඒ ඒ රටවල් වලින් කැඩිලා ආව වචන තියෙනවනේ. ඕලන්දයෙන්
එහෙම කැඩිලා ආව වචන කීපයකුත් අපේ සිංහල භාෂාවෙ තියෙනවා.
බෝංචි - බෝන්චස් (Boontjes)
වතුර - වාතර් (Water)
බයිස්කෝප් - බියොස්කෝප් ( Bioscoop)
කාමරය - කාමර් (Kamer)
ඔය තියෙන්නෙ ඉන් කීපයක්. ඉතින් මට හිතුණා ඔය 'ඌ' (ඌ - u) කියන වචනෙත් අපේ බසට දයාද වුණෙ ඕලන්දයෙන්දෝ කියලා!
මොකද ඕලන්දයේ ඔය 'ඌ'
කියන වචනය පාවිච්චි කරන්නේ ගරු නම්බුදීලා කතා කරකරන්න.
උදා:
- ඔබතුමා - ඔබතුමිය
- ඉස්සරකාලේ (තාමත් මේ සිරිත නම් නැතුවාම නෙමෙයි) තම දෙමව්පිය වැඩිහිටියනට, ගුරුවරුන්ට
- තමන් නොදන්න කෙනෙක්ට
පවා කතාකරන්නෙ 'ඌ'
කියලා.
අරගලය 2022
එක ලපයා
තමන් පරිවර්තනය කරපු නිර්මාණයක්,
දුවා දරුවන් අතර ජනප‍්‍රිය වෙනවා දැකීම, හිතට මොන තරම් සතුටක් ද...


























