skip to main |
skip to sidebar
Posted in
Labels:
Sinhala,
කවි
|
Sunday, April 11, 2010
ඇතිමුත් අතු අග
නෙක මල් පොකුරට පිපී
සුවඳ දෙන මනරම්.
මද පවනකට වුව
රඟදෙන ලලිත රැඟුමන්.
එකමෙක තුරක පමණක්
නැත තවම
මල් තියා පොට්ටුවත්.
එහෙත් ළපළුය
හරිත දම්....
මද පවනකින් වුව
හිරකර ගත්,
පිණි පොකුරෙන්
මිහිකත තෙමන.
මුතු පබා
2010.04.11
April 11, 2010 at 10:33 PM
හැමදාමත් වගේ අපූරුයි මුතූ...
මටත් ඔයාට වගේ කවි ලියන්න පුළුවන් වුනා නම් කොයිතරම් දෙයක්ද?
April 12, 2010 at 11:29 AM
හැමදාමත් වගේ ඔයාටත් තුති පිස්සො.. :)
ඇයි ඔයත් ඉඳහිට හෝ කවි ලියන්නෙ !
ඒවත් ලස්සනයි නෙ..
April 12, 2010 at 11:50 AM
හෙහේ.. ෂික්.. ඔහොමත් නෝන්ඩිය දාන සිරිතක් තියෙනවද මුතූ??
මම ඉතින්, පෙරුම් පුරලා පුරලා පුරලා ,
කන්දක් තරමට තටමලා තටමලා,
බොහොම අමාරුවෙන් ගලපලා ගලපලා ,
ලියන්න ඕනේ නෑනේ, ඔයා වගේ ලස්සනට ලියන කට්ටිය ඉන්දෙද්දි නේද?
April 12, 2010 at 1:51 PM
අයියෝ ඒක නෝන්ඩියක් නෙමෙයි. මම ඇත්තටමයි කීවෙ. ඒකනිසා දිගටම ලියන්න. කියවන්න අපි ඉන්නවනෙ.... :)