ළමයා සහ සමනලයා



දේදුන්නෙන් මන පාට ගෙනැල්ලා
හිනැහෙන්නට මල් සරසන්නා
සමනලයෝ පොඩි මෙහෙට වරෙල්ලා
රංචු පිටින් දැන් පියාඹලා

මල් වගෙ ලස්සන පුංචි ළමෝ
පිනවන්නයි ඉගිලෙන්නෙ බබෝ
මලින් මලට ගොස් රොන් ගන්නෝ
රංචු පිටින් දැන් ඉගිලෙන්නෝ

තුරුලිය මල්ගොමු මගෙ උයනේ
ලස්සන සිරියෙන් නැලවෙන්නේ
සමනලයෝ නුඹ නොදැක්ක සේ
අහක බලා කිම ඉගිලෙන්නේ

නෙක නෙක මල්ගොමු මං රසවිඳිනවා
මල්පොඩි නොතලා ඉන් පැණි උරනවා

පොඩි ළමයෝ නුඹ බලන්න එනවා
සිරිපා වඳින්න සමනල යනවා



මුතු පබා
2006.08.21

15 Response to "ළමයා සහ සමනලයා"

  1. ගීත් (සහෘදයා) says:
    April 21, 2010 at 7:39 PM

    අනේ ශෝක් චුටි සින්දුවක්.......

  2. විහඟ ගීතය says:
    April 21, 2010 at 7:57 PM

    මුතු සහ පබලු එක් නූලක අමුනාලා
    එය නුඹෙ කරට දමනෙමි මම හිනැහීලා
    කවිමුතු වලින් මේ වගෙම සැරසීලා
    ඉනු මැන! මමත් යන්නම් හෙට ගොඩවීලා


    සි.එස් බණ්ඩාරනායක

  3. Siribiris says:
    April 22, 2010 at 12:28 AM

    ලස්සනයි. මේ ඔක්කොම කට්ටිය හරි ලස්සනට කවි, පිලිතුරු කවි ලියනවා දැකලා මටත් නිකං පොඩි කික් එකක් ආවා. අනේ අපිට නං ඔය කවිත්වය පිහිටලා නෑ ( අපිට කොයින්දෑ බූල් බල්ලො. හී.. හී).
    මේං මගේ පලවෙනි උත්සාහය...


    මලක් වගේ ලස්සන මේ පුංචි ලමා
    මලක් කියල ‍රැවටීලයි ආවෙ මෙමා
    සු‍ටුස් ගාලා පැනයන්නේ නොකර පමා
    කූඩ පාර වැඩුනොත් නං බඩුම තමා

  4. දිල් says:
    April 22, 2010 at 5:34 AM

    හරිම ලස්සන සුන්දර කවි ටිකක්

  5. ``` Outsider``` says:
    April 22, 2010 at 5:52 AM

    හ්ම්ම්ම්........ලස්සනයි

  6. Anonymous Says:
    April 23, 2010 at 3:50 PM

    හක් හක් හා..
    අපේ සිරිබිරිසුත් ඇවිත් කවි ලියලා..
    අනේ, උඹයි මායි දන්න කවි..

    ඇත්තටම, මට පොඩි කාලෙවත් මෙහෙම සිතිවිලි පහල වෙලා නෑ මුතූ.. මම කාෂ්ඨකයි මට හිතෙන්නේ.. ඔයා නියමයි නේ..

  7. බිඟූ says:
    April 23, 2010 at 4:23 PM

    2006 ලියපු එකක් නේද..
    නියමයි...

  8. Eranga Perera (Muthu Paba) says:
    April 24, 2010 at 2:08 AM

    ගීත්, විහඟ ගීතය, සිරිබිරිස්, දිල්, Outsider, පිස්සා, බිඟුවා.. ඔයාලා හැමෝටම ස්තූතියි ! :)

  9. Siribiris says:
    April 24, 2010 at 3:07 AM

    හත් ඉලව්වේ මේ අපේ පිස්සා මලයා නොවැ. වෙච්ච සැන්තෑසියට පස්සෙ, උඹ හිනාවෙලා ඉන්නවා දකින්නත් ආසයි.

    උදැල්ල දාන්න එපා මචෝ, මොකෝ අපට කවි ලියන්න බැරි, ඔය අපූරුවට එලිසමය තියෙන්නෙ, එහෙනං....

  10. Anonymous Says:
    April 24, 2010 at 8:41 AM

    @ සිරිබිරිස්- දැන් පිස්සෝ වැහි වැහැලා නිසා උඹටත් මාව අදුන ගන්න බැරි උනාද?

    ම්ම්ම්... දැන් මම ටිකක් නෝමල්. ජුලියටුත් ඉන්නවා. හුටප්පර නම් සුපුරුදු පරිදිමයි. තව ටික දවසකින්, ඒ කතා ඔක්කොම බ්ලොග් එකේ ලියලා දාන්නම්කෝ. මේ දවස්වල වැඩ හොදටෝම.. තීසිස් එක ලියනවා. පේපර්ස් ලියනවා.

    ඔව්.ඔව්. මටත් මේ උඹේ කවිය ආපහු කියෙව්වාම, අපේ මුතූගේ කවිත්, කවිද කියලා හිතෙනවා.. හෙහේ..

  11. Siribiris says:
    April 24, 2010 at 6:11 PM

    @ පිස්සා

    නියමයි. "අවසානයේ සියල්ලෝම සතුටින් විසිර ගියහ" කියලා ප්‍රාර්තණය කරනවා. හැබෑටම මචෝ පිස්සං කො‍ටුවෙ ගේට්‍ටුව ඇරිලා වත්ද, මෙච්චර පිස්සො?

    තීසිස් එක - ලියාපිය පොරි හැලෙන්න.
    මේහෙ නං රිපොර්ට් format එක APA. මේකෙ APA, MLA දෙකම තියනවා.

    https://owl.english.purdue.edu/owl/section/2/

    There is a inexpensive book called "A Writer's Resources." Excellent book, easy to read with APA, MLA examples citations, bibliography; you name it, it has all.

  12. Siribiris says:
    April 24, 2010 at 6:17 PM

    Forgot to tell you about the details.

    A Writer's Resources
    A handbook for Writing and Research

    Publisher: McGraw-Hill
    Authors: Elaine, Janice & Malanie
    ISBN: 0-07-088823-x
    Price: ~ 40$

  13. Siribiris says:
    April 24, 2010 at 6:30 PM

    @ පිස්සා

    හුටා ආයෙත් අමතක වුනා. මේ දවස්වල මගෙත් මොලේ කොලොප්පං වෙලා තියෙන්නෙ, හිම මලගෙ මව් යානාව මෙහෙ එනවලු නිවාඩුවකට. මොන ඉලව්වකට එනවද මන්දා මගෙ බ්ලඩ් ප්‍රෙෂර් වැඩිකරන්න?

    OK, back to the track. Don't try to write citations (reference) on your own. You will make mistakes, eventually - missing comma, semi-colon here and there. You the following site, instead. Just choose your format, source ( web-site, book, on-line data base etc)and fill the form and you are done.

    http://citationmachine.net/

  14. Anonymous Says:
    April 24, 2010 at 6:32 PM

    ස්තූතියි සිරිබිරිස්..
    අපේ, මෙහේ Science studentsලාගේ තීසිස් වලට පල් හෑලී ගොඩාක් ලියන්න ඕනේ නෑ...
    හැබැයි research papers 3ක් ලියන්න ඕනේ.. ඒවා high standards journals වල publish කරන්නත් ඕනේ..
    ඒ පේපර්ස් 3 attach කරලා, Introduction and Discussion ලියන්නයි තියෙන්නේ, තීසිස් එකට. තව, ඔය අපි publish කරපු abstracts, posters එහෙමත් attach කරාම ඇති...
    බලමුකෝ.. පොරි හැලේවිද කියලා..

  15. WildRose/SnowDrop says:
    April 18, 2011 at 6:20 PM

    great dear!

Post a Comment

Show Emoticons