එතකොටවත්..

 




















විනිවිද පෙනෙන
නුඹ සිත,
නොපෙනුණා සේ
හිඳිමි මම.

බලාපොරොත්තු
සාගරයක් කැටිවුණ
පහනක් නිතර,
දැල්වෙයි බුදුගෙයි
දිවා රෑ දෙක



2014.11.15

දොස් නගන්නේ කාටද?


එළඹෙන්නත් ප‍්‍රථම
සැඳෑ කළ,
හේමන්තය ගෙන එද්දි
අඳුර..

දොස් නගන්නේ කාටද
ඉරටද? හඳටද?



2015.11.15

නිදහස් කරනවද මසිත


කඳු තරම්
ගොඩ නම් ගැහෙයි
සොබා සිරි සර
වචන,
එකදු කවක්වත්
නොලිය
ණ.

සබද
නිදහස් කරනවද
මසිත,
අවසරයක් නැතිවම
සිතැඟි සේ
සිර කෙරුව?



2015.11.15




ලක්බිම.මංජුසාව.කවි.
2016.09.04

වෑයම



















යන්නමයි
වැර වෑයම
මද සුළඟටත්
ඈතටම ගසාගෙන

ඉතින් කොහොමද
සූළි සුළඟක්
ආවොතින්

දෑතක් ඇතිවෙයිද
නික්මී නොගොස්
වෑයමින්
නැවතෙන්න

2014.08.16 

(සන්නස.පහන් වැට - 2014 ඔක්තෝබර් කලාපය) 

සෝබන හිනහව
























දුරු කර අඳුර
පායද්දි දිමයුර අඹර
බලාඉන්නේ තරුරද

ඇබිති එළි බිංඳුවක්
ණයට හෝ ඉල්ලගෙන
සෝබනේට දිලිසෙන්න



2014.08.16

හිත් රිදුමකට පසු

























සන්නස.පහන් වැට - 2014 සැප්තැම්බර් කලාපය
ලක්බිම.මංජුසාව - 2016.08.21


කඩා වැටෙනා ප‍්‍රාර්ථනා




කඳුළට බැඳි පෙම
















පතනා පැතුම්  මියැදෙන විට වසන්තයේ
උණුසුම් සිහින වැලපෙන විට සිත් අහසේ
සිහිනෙන්වත් නුඹ පෙනෙන්නෙ නැති දිවියේ
කඳුළට බඳිමි පෙම් සැමදා හොර රහසේ

 
2005.12.05