....

The morning dewdrops
are smiling & enjoying
in the absence
of snow angels.



2014.02.20

ඇයි නිල් අහස එච්චර දුර. .?





















හිතාගන්නවත් බැරි තරම් ගොඩක් ඉස්සර කාලෙක අහස අද වගේ ගොඩක් දුරින් තිබිල නෑ. කොටින්ම කීවොත් බංකුවක් හරි පුටුවක් හරි උඩට නැගලා, අත් අහසට ඉස්සුවොත්, අල්ලන්න පුළුවන් වෙන තරමට පහතින් තමයි අහස තිබිලා තියෙන්නෙ. 

ඉතින් ඒ කාලේ කොහොමත් පහතින් පිහිටලා තියෙන සිතිජ මායිමේ ගමක් තිබුණා. ඒ ගමේ තිබුණා පිදුරු සෙවිලි කරපු පුංචි මැටිගෙයක්. වකුටු වෙච්ච ආච්චි කෙනෙක් තමයි ඒ ගෙදර ඉඳලා තියෙන්නෙ.

ගමේ හිටිය වයසම ගෑණුකෙනත් මේ ආච්චි. සමහරවිට ඒ කාලේ මුළු ලෝකයේම හිටිය වයසම ගෑනුකෙනත් මේ ආච්චි වෙන්න පුළුවන්. කිසිම නෑදෑයෙක්වත් යාළුවෙක්වත් හිටියෙ නැති නිසා මේ ආච්චි, ඒ ගෙදර ජීවත් වෙලා තියෙන්නෙ තනියම. වෙන යන්න එන්න තැනක්වත්, කතා කරන්න කවුරුත්වත් මේ ආච්චිට තිබුණෙවත් හිටියෙවත් නෑ. ඒ නිසා මුළු දවස පුරාවටම වකුටු ආච්චි කරේ, ගෙදර වටේ කැරකි කැරකී, ගෙදර හැම අස්සක් මුල්ලක්ම පිරිසිදු කරන එක. පස් හෑරෙන්න බිම පහුරු ගාන එක. පහුරු ගාපු තැන් ආයෙමත් අතුගාන එක. එහෙමත් නැත්නම් දූවිලි පිහිදාන එක. ඒ කොණෙන් මේ කොණට, මේ කොණෙන් ඒ කොණට ආයෙ ආයෙමත්, ආයෙ ආයෙමත් අතුගාන එක. කොටින්ම කීවොත් අතුගාන්නයි, පහුරුගාන්නයි අලුත් ක‍්‍රම ගැන හිතුවා ඇරෙන්න, මේ ආච්චි කරපු වෙන කිසිම දෙයක් නැති තරම්. 

උදා වුණු එක් ගිම්හාන ඍතුවකදී; මේ මුළු ගම ම වතුර පොදක් නැතුව ලොකු පිපාසයකින් ගිලෙන්නට වුණා. බලන බලන හැම අතම දකින්න ලැබුණ එකම දේ සැර දූවිල්ල. ගස් වසාගත්ත දූවිල්ල. ගෙවල්වල, පැල්පත්වල, වහලවල් වසාගත්ත දූවිල්ල. මිනිසුන්ගේ උගුරු, ඇස් වලට වදයක් වුණු දූවිල්ල. කොටින්ම කීවොත් මුළු වාතයම දූවිල්ලෙන් වැසිලයි තිබුණෙ. මේ දුවිල්ල නිසා ගම්වාසීන් එන්න එන්නම දුර්වල වුණා. දකින දකින හැම තැනම, කවුරු හරි කෙනෙක් කහිනවා. එහෙමත් නැත්නම් කිඹුහුම් අරිනවා. අඩුම ගානේ අහසටවත් බැරිවුණා දූවිල්ලෙන් බේරිලා ඉන්න. අහස, පොළොවට ගොඩක් කිට්ටුවෙන් පිහිටල තිබුණ නිසා, හමා යන සිහින් සුළඟකට පවා; වේළිලා, කේඩෑරි වෙලා තිබුණ ගමෙන් එන දූවිලි හුළඟට, අහසත් කහින්න පටන්ගත්තා.  

වකුටු ආච්චිගෙ මැටි ගෙදරත් සම්පූර්ණයෙන්ම දූවිල්ලෙන් වැසිලයි තිබුණෙ. ඉතින් ආච්චි ඉලපතෙන් එයාගේ පුංචි පැල්පත, අතුගෑවා, අතුගෑවා, අතුගෑවා, ඉවරයක් නැතුවම අතුගෑවා. ආච්චි එයාගේ ගේ ඇතුල අතුගෑවා. ගෙදරින් පිටත අතුගෑවා. ගේ පඩිය අතුගෑවා. ගෙමිදුල අතුගෑවා. ඉතින් දූවිල්ල මැකෙනවාට වැඩිය, එන්න එන්නම දූඹුරු ගැහිච්ච වළාකුළු වෙලා පොළොවෙන්, උඩට මතු වුණා.  

ආච්චිගේ අතුගෑවිල්ල නිසා අලුතෙන් මතුවෙන දූවිල්ලට, අහස තව තවත් දුර්වල වෙන්න පටන් ගත්තා. සැර දූවිල්ල අහස් නහයට ගිය නිසා අහස කිඹුහුම් ඇරියා. ඒ ඇරියෙත් එසේ මෙසේ කිඹුහුම් නම් නෙමෙයි. මුළු ලෝකයම හෙල්ලෙන තරමේ ගිගුරුම් දෙන කිඹුහුම්. ඒ සද්දෙට බය වුණු මිනිස්සු අත්දෙකින්ම එයාලගෙ කන් වහගෙන ගෙවල් ඇතුළට දිව්වා. ඒත් වකුටු ආච්චිට විතරක් මුකුත් ඇහුණෙ නෑ. ඒ නිසා එයා දිගටම අතුගෑවා.  

ඉතින් දූවිලි සැරට අහස තවත් කිඹුහුමක් ඇරියා. උහුලගන්නම බැරිවුණ තැන අහසෙ ඇස් වලින් කඳුළු බිඳු, වේලිල තිබුණ පොළොවට වැටෙන්න ගත්තා. වකුටු ආච්චි අතු ගගා හිටිය කොටසටත් විශාල ලපයක් තරම් වැහි කඳුළක් වැටෙනකල්ම, ආච්චිට කිසි දෙයක් දැණුනෙ නෑ. අහස දිහා රවලා බලපු ආච්චි ඒ ලොකු කඳුළු බිංඳුව මැකෙනකල්ම බිම පහුරු ගෑවා. අහසින් වැටෙන කඳුළු, වකුටු ආච්චිට උහුලගන්න බැරිවුණා. කෙළින් කරගන්න පුළුවන් තරම් කොන්ඳ කෙළින් කරගත්ත ආච්චි, එයාගෙ හැරමිටිය අහසට දික්කරලා, ගෙදර පඩිය උඩ වැහි කඳුළින් තෙමන්න එපා කියලා කෑ ගැහුවා. අහසට තර්ජනය කළා.

ඒත් වකුටු ආච්චිගේ අතුගෑවිල්ල නිසා, ඇවිස්සුණු දූවිල්ලෙන් වැහිල තිබුණ අහසෙ ඇස් වලට, කඳූළු නවත්ත ගන්න බැරිවුණා. ඒ නිසා හොඳටම තරහ ගත්ත වකුටු ආච්චි, එයාගෙ ඉලපත ඇදල අරන්, අහසට හයියෙන් පහරක් ගැහුවා. එතකොට තවත් හයියෙන් කිඹුහුමක් ඇරිය අහස ටිකක් උඩට පැන්නා. ඒත් වකුටු ආච්චි එයාගෙ ඉලපතෙන් අහසට ගහන එක නතර කරන්නෙ නැතුව, තව තවත් හයියෙන්, අහසට ගහගෙන ගහගෙන ගියා.  

වකුටු ආච්චිගෙ සැර වේගවත් පහරවලුත්, විශේෂයෙන් ආච්චිගෙ ඉලපතේ රැඳිලා තිබුණ දුහුවිල්ලත්, අහසට තවත් නම් උහුලගන්න බැරි වුණා. ඒ නිසා අහස එක දිගට කැස්සා, ගිගිරුම් දිදී කිඹුහුම් ඇරියා. නොනවත්තවා හොඳටම ඇඬුවා. බැරිම තැන කාටවත්ම කවදාවත් අල්ලන්න බැරි තරම් ගොඩාක් දුර ඈතට පියාඹලා ගියා.

ඉතින් ඔන්න ඔහොමලු අහස අද අපෙන් වෙන්වෙලා ගොඩක් දුර ඈත ඉන්නෙ. සිතිජය වුණත් පොළොවට ගෑවෙන්න වගේ තිබුණට, ඒකත් ඉතින් බොරු මායාවක් බව හැමෝම දන්න ප‍්‍රසිද්ධ රහසක්නෙ.  


[බෙංගාලි ජන කතාවක් ඇසුරෙනි. ]

පරිවර්තනය: මුතු පබා  
 
කතන්දරය බූන්දිය හරහා කියවන්නට: ඇයි නිල් අහස එච්චර දුර. .?

දූවිලි මල් :S


මා'කුරු
ඔබේ නෙත 
ගැටේ දැයි 
නොදනිමි 

ඒත් 
ලියා තබනු 
රිසියෙමි 

දූවිලි අවුස්සන 
වැස්සේ කතාව 

.. 
... 
රෙද්දක් 
ඕනේ එකක් 
මට තේරෙන්නෙ නෑ
ඉතුරු ටික.

....















හොර වැඩක් කරන්නට 
හඳ බලන් ඉඳී 
වළාකුළු එනකල්
හැංඟෙන්න. 

එය දැනගත්තාම 

වාගේ, 
වළාකුළු ටැග් ගැහී; 
පා නොවී
එක තැනම.

සූරියකාන්තා

උයන් වතුවල රත්තරන් පාට සූරියකාන්තා මල් පිපෙන්නට ගොඩක් ඉස්සර කොළම කොළපාට රටක් පාලනය කරපු රජතුමෙක් හිටියා. ඉතින් මේ රජතුමාට හිටියෙ එකම එක දියණියයි. 

වසන්ත කාලයට පිපෙන ලස්සනම ලස්සන මලක් වගේ මේ කුමාරිකාවත් බොහෝම ලස්සනයි. ඒත් මේ කුමාරිකාව කවමදාවත් කා එක්කවත් විවාහ වෙන්නට අකමැති නිසා පියරජතුමා හිටියෙ ගොඩක් දුකෙන්. 

කුමාරිකාවට ගැලපෙන කුමාරයින් කොච්චර හිටියත් ඒ එක්කෙනෙක්ටවත් කැමති වුණෙ නෑ. ඒ විතරක් නෙමෙයි සුදු කළු දුප්පත් පොහොසත් වෙන කිසිම කෙනෙක්ට ඇය කැමති වුණෙ නෑ. පියරජතුමා ඇය එක්ක ඒ ගැන කතා කරන හැම වෙලේම ඇය කීවෙ, ”මම ආදරේ හිරුට විතරමයි” කියලා.

ඔන්න දවසක් පියරජතුමාට කුමාරිකාව එක්ක හොඳටම තරහ ගියා. තරහ ගිහින් කීවා, ”එහෙනම් ගිහින් හිරුත් එක්කම විවාහ වෙන්න. හැබැයි මින් පස්සෙ මට පේන්න එන්න එපා ” කියලා.

ඉතින් පියරජතුමාගේ කතාවට දුක හිතුණ කුමාරිකාව, හිරු හොයන්න යන්න පටන් ගත්තා. කුමාරිකාව හිරුව හොයාගෙන හැම වෙලේම ගියේ හිරු නැගෙන පැත්තටමයි. වනාන්තර කාන්තාර දියඇලි කඳු පහුකරගෙන කුමාරිකාව ඉදිරියටම ගියා.

ඉතින් ඔන්න මෙහෙම ගොඩක් දුර ආව කුමාරිකාව අන්තිමට, උස කන්දක් මුදුනෙ හදල තිබුණ හිරුගෙ මාලිගාවට ආවා. ඒත් ඒ වෙලාවෙ මාලිගාවේ හිටියෙ හිරුගෙ අම්මා විතරයි.

කුමාරිකාව දැක්ක හිරුගෙ අම්මා ඇගෙන් මෙහෙම ඇහුවා ”දුවේ ඔයා මොනවද මෙහෙ කරන්නෙ” කියලා.  

”මම හොයන්නෙ හිරුකුමාරයාව” කුමාරිකාව හෙමිහිට උත්තර දුන්නා.

”දුව එන්නෙ කොහෙ ඉඳලද” ආයෙමත් හිරුගෙ අම්මා කුමාරිකාවගෙන් ඇහුවා. 

එතකොටම දුකින් බිම බලාගත්ත කුමාරිකාව පියරජතුමා ඇයව මාලිගාවෙන් පිටමං කරපු හැටි විස්තර කළා. ඉතින් ඒ කතාව ඇහුව හිරුමවට කුමාරිකාව ගැන ගොඩක් දුක හිතිලා මෙහෙම කීවා.  

”දුවේ මම ඔයාට හිරුකුමාරයා එක්ක විවාහ වෙන්න අවසර දෙන්නම්. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕනි. හිරුකුමාරයා එක්ක සදහටම ජීවත් වෙන්න ඕනි නම් කවදාවත්ම හිරුකුමාරයා දිහා බලන්න එපා. එහෙම බැලූවොතින් දුවට නපුරක් වෙන්න ඉඩ තියෙනවා. ”


කුමාරිකාවත් හිරුගෙ අම්මා ට පොරොන්දු වුණා කවමදාවත් හිරු දිහා බලන්නෙ නෑ කියලා. 

ඉතින් ඔන්න ටික කාලයක් කුමාරිකාව ගොඩක් සතුටින් හිරුත් එක්ක ජීවත් වුණා. හැබැයි කවමදාවත් හිරු දිහා බැලූවෙ නම් නෑ. ඒත් හිමීට හිමීට දවස් ගෙවෙනකොට කුමාරිකාවට එයා ගැනම දුක හිතුනා. 

කුමාරිකාවගේ මේ වෙනස තේරුම් ගත්ත හිරුගෙ අම්මටත් ඇය ගැන ගොඩක් දුක හිතිලා දවසක් මෙහෙම කීවා.
 

”මම දන්නවා දුව ඉන්නෙ ගොඩාක් දුකින් කියලා. දුවට හිරුව බලන්නම ඕනි නම් වතුර වීදුරුවක් හොරෙන් ඔහු ඉදිරියෙන් තියලා ඒක ඇතුළෙන් ඔහුව බලාගන්න. හැබැයි දුවේ වැඩි වෙලා බලන් ඉන්න ගියොත් ඒ බව මගේ පුතාට දැනේවි. ඊට පස්සෙ දුවට නපුරක් වෙන්න බැරි නෑ. ”

ඉතින් ඔන්න කුමාරිකාව හිරුගෙ අම්මා කීව විදිහට සියල්ල කරන්න සුදානම් වුණා. රෑ වෙලා ගෙදර ආව හිරු ඉදිරියෙන් වතුර වීදුරුවක් තිබ්බ කුමාරිකාව ඔහු දෙස හොරෙන් බැලූවා.  

හිරුගෙ ලස්සන මූණ දිහා බලන් හිටපු කුමාරිකාවට හිරුගෙ අම්ම දුන් අවවාදය අමතක වුණා. ඒ නිසා දිගින් දිගටම ඔහු දෙස බලාගෙනම හිටියා. තමන් දිහා කුමාරිකාව හොරෙන් බලන් ඉන්න විදිහ දුටු හිරුට හොඳටම කේන්ති ගියා. 

හිරුට කොච්චර කේන්ති ගියාද කියනවනම් එයා කුමාරිකාවට කෑ ගහල බැන්නා.

”ඔයාට කීකරු වෙන්න බැරිනම් මම තවත් ඔයාව මේ ගෙදර තියාගන්න කැමති නෑ. ”

එහෙම කියපු හිරු, කුමාරිකාව ගෙදරින් පිටමං කළා.

ඉතින් කුමාරිකාව ගොඩක් දුකින් හිරු මාලිගාවෙන් එන්න ආවා. ගස් ගල් පහු කරන් යන ඇගේ රෝසපාට කම්මුල් දිගේ කඳුළු පේළි ගලාගෙන ගියා. 

හැබැයි ඔන්න කුමාරිකාවට වැඩිය දුර යන්න ලැබුණෙ නෑ. හිරුටත් කුමාරිකාව ගැන දුක හිතුණා. ඊටපස්සෙ හිරු කුමාරිකාව, ඇය හිටිය තැනම උස ගහක පිපුණු ලොකු කහපාට මලක් බවට පත්කළා. 

ඉතින් එදා ඉඳල මේ ලොකු කහපාට මල හිරු පායනකොට ඔහු දිහා බලනවා. හිරු නිවෙනකොට ඇගේ මූණත් සඟව ගන්නවා. ඒක නිසා හැමෝම ඒ කහපාට මලට කීවෙ 'සූරියකාන්තා' කියලයි.


පරිවර්තනය: මුතු පබා 

කතන්දරය බූන්දිය හරහා කියවන්නට: සූරියකාන්තා

තාවකාලික සිහිනය(ක)ට එරෙහිව

හිම නැති සීතල



















සිසිරයට
සුදුවට
අසිරි පා
බැබළෙන්න,
ඉඩ නොදෙන
හේමන්ත
;
අඬයි වරින් වර
හිත හිතා
බොරුවට
.


පෙම් සුවඳ



දේදුන්නේ පාට අරන්
සමනළයින් හැඩවෙන සඳ
මගේ සුවඳ එව්වෙමි මම 
සමනළයෙක් අත නුඹ හට


2005