ලා දළු මතකය



දඬුවම



මලින් මලට
මාරුවෙමින්
සැහැසි ලෙස
මකරන්ද උරා බිව්
මත් බඹරෙක්
බාඳුරා මලක් තුළ
ශෝකී සටනක්


මුතු පබා
2007.07.16

God Has To..

නොලද හසුන



එකින් එක
පිටවෙන සුසුම්
ටිකින් ටික
විසිරෙන සිතුම්
බිඳෙන් බිඳ
ඉහිරෙන පැතුම්

නොදැක්කා සේ
නොදත්තා සේ
නොදන්නා සේ

ගෙන එයි
මදහස සියුම්

කඩින් කඩ
වැගිරෙන්නට
නෙතුදිය
පොකුරූ පියුම්


මුතු පබා
2011.01.20

පිළිකාව


අයැදුම



සීත හිම මා
සඟවන්නට මත්තෙන්
මාව ගෙන ගොස්
කවි පොතේ
උණුසුම්ව සඟවනවාද?


මුතු පබා
2007.01.10

මගේ මල්ලියේ














පාට සරුංගලේ අරගෙන
මුහුදු වෙරළෙ එන්න දුවමු
මගේ මල්ලියේ
අයිය එක්ක දුවලා යමු
මගේ මල්ලියේ

දිගට දිගේ අන්න නයෙක්
පියඹනවා නිල් අහසේ
බලන්න මල්ලියේ
අයිය එක්ක දුවලා යමු
මගේ මල්ලියේ

පාට පාට ඒ නයාට
වැඩියෙන් අපෙ සරුංගලේ
හරිම හැඩයි නේ මල්ලියේ
අයිය එක්ක දුවලා යමු
මගේ මල්ලියේ

සිප්පි කටුත් වෙරළෙ ගොඩයි
පුංචි දෙපා තුවාල වෙයි
දිව යන්නේ පරිස්සමින්
පුංචි මල්ලියේ
අයිය එක්ක දුවලා යමු
මගේ මල්ලියේ


මුතු පබා
2007.02.15

රැවටුණු දා ලෝකයෙන්