බොරපාට සිහින






















සිතැත මැද සිහින
හෙළමින් සුසුම් සර
හිඳියි දිරිගෙන සැඟව
කවදමුත් පිපෙනකල්
ස්නේහයේ විල

අත්හරින්නට බැරිව
ඇස්කොණෙන් අල්ලගෙන
බොහෝ දිනවල බොහෝවිට
නිතරම දැනෙණ සමහරක් දුක
රැලි නගා සැරසෙයි

නිසසලව වැළපෙන
හැම වැස්සටම තෙමෙන
එකමෙක මලක් නැති
බොරපාට වූ ස්නෙහයේ විල


2017.01.09
(සන්නස.පහන් වැට - 2017 ජනවාරි කලාපය)

අමාරුවෙන් පිපුණත්


අව්වයි වැස්සයි පිරිමි වගේමයි




















ටික වුණත් හිමත් වැටුණා
අයිස්කැට එ් අස්සෙන්.
නරියෙක්ගෙ මඟුලක් 
කොහේවත් තියෙනවද මන්ද,
එ් පාර ඔන්න වැස්ස-
අව්වත් කොහොම කොහොම හරි
ගස් අස්සෙන් හොම්බම ඔබනවා.

අනේ මන්දා.... ඉතින්
පිරිමි වගේමයි,
යුරෝපයේ මේ දේශගුණය!
.
.
.
.
.
.
.
.
(සැ.යු. -  සමහරක් ඔහොම ගෑණුත් ඉන්නවා ඈ..  )

2017.01.17

විස්මයක් වස්සානයේ


දරා ගන්නට බැරිව 
වළාකුළු පොදි ගැසේ 
සැලි සැලී ඉනු බැරිව 
මල් කිනිති බිම වැටේ 

හිස් තැනක් පුරවන්න 
විහඟ ගීයක් ඇසේ 
මිහිදුම් සළුතිරක් 
මල් යායේ ඇදේ 

නිඬ බව දැන දැනත් 
මදනළක් සක්මනේ 
ඉපදෙන්න වෑයමකි 
විස්මයක් වස්සානයේ


2017.01.10

ආකාස කුසුම් පිපෙනකොට..


සබඳ....














ගොඩක්ම ගොඩක් කාලෙකින්
කවියක් දෙකක් තියා
අකුරක් දෙකක්වත්
ඇමිණුවේ නැති   වුණාම-
කවි ලියන්න,
මට වගේම හැමෝටම අමාරුද?

සිසිරයයි සීතලයි


මතක


















මතක මතකැති
හිතක් ළඟ ඇති
මතකයට හිතැති
හිතක් නොමවෙති