skip to main
|
skip to sidebar
Home
Recommend
Contact
හිඩැස
Posted in Labels:
Sinhala
| Monday, August 24, 2015
පෝයට නම්
ඉතින්
මල් ගසුත්
හිස් වෙනවා
2015.08.24
Read Users' Comments (2)
යන්න බලාගෙන එනකොට
Posted in Labels:
Sinhala
| Saturday, August 08, 2015
ඔබ
ගියත් නොගියත්-
මම හැමදාම
එක
ම
තැන
බව,
දැන දැනම
ඔබ
එන්නේම
ආයෙත්
යන්න බලාගෙන.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අනේ! මන්ද,
දුකක් නම් ඇත්තේම නැද්ද?!?
2015.08.15
Read Users' Comments (3)
මී පැටියයි වලස් රජුයි
Posted in Labels:
Sinhala
,
පොඩ්ඩන්ට කතන්දර
| Sunday, July 26, 2015
කැලෑවෙ මැද රවුම් කළුගලක් උඩ, පුංචිම පුංචි මී පැටියෙක් හිටගෙන ඉන්නවා. පුළුවන් තරම් අහසට ඔළුව දික්කරපු මේ පුංචි මී පැටියා "අද ඉඳන් මම තමයි රජ්ජුරුවෝ" යි, කෑ ගහල කීවා.
ටික වෙලාවකට පස්සෙ එතැනට පැන පැන ආපු හාවා ගල් ගිලල වගේ මී පැටියා දිහා බලාගෙන ඉන්න ගත්තා.
"ආයුබෝවන්ඩ, මී පැටියො. ඔයා දන්නව නේද ඔය කළු ගල රජ්ජුරුවන්ගෙ කියල? එ්ක දැනගෙනත් මොනවද ඔයා ඔතැන ඉඳන් කරන්නෙ?"
"මම මේ රජ්ජුරුවො එනකල් මෙතැන ඉඳන් මගේ නියපොතු සුද්ද කරනවා. රජ්ජුරුවො ආවම මම කියන්නයි ඉන්නෙ, අද ඉඳන් මේ කැලෑවෙ රජ්ජුරුවො මමයි" කියලා.
මී පැටියා මෝඩයෙක් කියල හිතුව හාවා ඉක්මණින් පැන පැන එයාගෙ හා ගුලට ගියා.
ටික වෙලවකට පස්සෙ කකුල් අද්ද අද්දා එතැනට ආව ඉත්තෑවත් මී පැටියා දිහා පුදුමයෙන් බලන් ඉන්නවා.
"ආයුබෝවන්ඩ, මී පැටියො. රජ්ජුරුවන්ගෙ කළු ගල උඩ ඉඳගෙන ඉන්න ගියොත් ඔයාට පස්සෙ ගොඩක් කරදර වලට මූණ දෙන්න වෙයි. ඊටත් මොනවද ඔයා ඔතැන ඉඳගෙන කරන්නෙ හැබෑට?"
"ආ... මමද.. මම මේ මෙතැන ඉඳන් මගෙ නියපොතු සුද්ද කරනවා. රජ්ජුරුවො ආවාම මම කියන්නයි ඉන්නෙ අද ඉඳන් කැලෑවෙ රජ්ජුරුවො මමයි" කියලා.
මී පැටියා මෝඩම මෝඩයෙක් කියල හිතුව ඉත්තෑවත් ආපහු කකුල් අද්ද අද්දා ගිහින් කොළ කන්දක් අස්සෙ හැංඟුනා.
තවත් ටික වෙලාවකට පස්සෙ එතැනට ආපු නරියා, කටට උණන කෙළ ඉවසමින් සද්ද නැතුව මී පැටියා දිහා බලාගෙන ඉන්න පටන් ගත්තා.
"ආයුබෝවන්ඩ, මී පැටියො. ඔයා දන්නෙ නැද්ද ඔය කළුගල කාගෙද කියලා? ඕකෙන් බිමට බැහැලා ආවානම් තමයි හොඳ.."
"ඇත්තද.. හිතේ ඇති මම බැහැල එයි කියල." මී පැටියා උත්තර දුන්නා. "මම මෙතැනට වෙලා නියාපොතු සුද්ද කර කර රජ්ජුරුවො එනකල්ම බලන් ඉන්නවා. රජ්ජුරුවො ආවාම මම කියන්නයි ඉන්නෙ අද ඉඳන් කැලෑවෙ රජ්ජුරුවෝ මමයි කියලා."
නරියට හිතුනෙත් මී පැටියා මෝඩයෙක් කියලා. තරහෙන් කිපෙමින් ගිය නරියා පඳුරක් අස්සෙ හැංඟුනා.
ටික වෙලාවකට පස්සෙ කැලෑවෙ ඇතුලෙන් භයානක දෙයක් සිද්ද වෙන සද්ද ඇහෙන්න පටන් ගත්තා. ගස් කොළන් වගේම, මහ පොළොවත් ගැහෙන්න පටන්ගත්තා. කොටින්ම කීවොත් මී පැටිය ඉඳගෙන හිටිය කළුගලත් වෙව්ලන්න පටන්ගත්තා. බය වෙච්ච මී පැටියව ඉබේටම හිටවුණා.
එ් ඇවිත් කැලෑවෙ රජ්ජුරුවො එන සද්දෙ. නපුරුම නපුරු පෙනුමක් තියෙන සද්දන්නත වලහෙක් තමයි මේ රජ්ජුරුවො. වලස් රජ්ජුරුවන්ගෙ නියපොතු, මුවහත් පිහියක් තරම් සැරයි. දත් මී පැටියටත් වඩා ලොකුයි. කටහඬ නිකන් ගොරවන අහසක් තරම් සැරයි.
කළුගල ළඟට ආපු
වලස් රජු
"කවුද ඉන්නෙ මගේ කළුගල උඩ?" කියලා මහ හයියෙන් බෙරිහන් දීලා ඇහුවා.
වලස්රජ ටිකක් ඉස්සරහට නැමුණා එ් කවුද කියලා හොඳහැටි බලාගන්න. කණ්ණාඩි කුට්ටම නැතිවුණ නිසා වලස්රජට ටිකක් පේනවා හොරයි.
"මී පැටියෝ, මොනවද ඔයා මගේ කළුගල උඩ ඉඳන් කරන්නෙ?" වලස්රජ ඇහුවා.
කූඹියෙක්ට ඇහෙන තරමේ හීන් කටහඬකින් මී පැටියා: "ම... ම... මම මෙතැන මේ නිකන් ඉඳන් හිටියෙ. ඔබතුමා කවමදාවත් අහල නැති දෙයක් කියන්නයි මම හිටියෙ." එහෙම කියපු මී පැටියා විගහට කළුගලෙන් බැහැගෙන, බැහැගෙන ගිහින් වලස්රජගෙ කකුල් මැදින් දුවන්න පටන්ගත්තා.
එ්ත් මී පැටියා දුවල ගිහින් බේරෙන්න කලින් වලස්රජ එයාගෙ ගොරෝසු නපුරු අතින් මී පැටියව උස්සල ගත්තා. මී පැටියා දන්නවා ඊළඟට වෙන්න යන දේ. ඉතින් වලස්රජට තමාව ගිලගන්න ඉඩ දීලා මී පැටියා එයාගෙ ඇස් තදකරල වහගත්ත. එ්ත් බලන් ඉන්නවා, බලන් ඉන්නවා කිසිම දෙයක් වෙන්නෙ නෑ. බැරිම තැන මී පැටියා හිමින් සීරුවෙ එක ඇහැක් ඇරල බලල අනික් ඇහැත් ඇරියා. එතකොට මී පැටියා දැක්කෙ, වලස්රජු තමන් දිහා හිනාවීගෙන බලන් ඉන්න විදිහ. මී පැටියට හිතාගන්නවත් බෑ වෙන දේ ගැන. වලස්රජු හිනා වී ගෙන එයා දිහාම බලන් ඉන්නවා!
"ඔයාට එහෙනම් රජතුමා වෙන්න ඕනේ?" වලස්රජ එයාගෙ ගෙරවිලි කටහඬින් ඇහුවා.
ඒත් බයෙන් හිටිය මී පැටියා වලස්රජුට කිසිම උත්තරයක් දුන්නෙ නෑ.
"ඔයාට රජ්ජුරුවෝ වෙන්නම ඕනෑ නම්, මෙතැන ඉඳගන්න එක හොඳයි." එහෙම කීව රජතුමා, මී පැටියව පරිස්සමින් උස්සල අරගෙන එයාග ඔළුව උඩ ඇලවෙලා තිබුණ ඔටුන්න මැදින් තිබ්බා. ඔටුන්න හයියෙන් අල්ලගත්ත මී පැටියා ඔටුන්නෙන් එළියට ඔළුව දාලා බැලුවා.
වලස්රජු ඇවිදින්න පටන්ගත්තා. රජතුමා තියන අඩියක් අඩියක් පාසා මී පැටියා ගැස්සෙනවා. එ්ත් මී පැටියා ඔටුන්න හයියෙන් අල්ලගෙන අවට වට පිටාවෙ සිරි නරඹනවා.
හිටපු ගමන් මී පැටියා හයියෙන් කෑ ගැහුවා: "නවතින්න!" වලස්රජු හිටිතැනම ගල්ගැහුනා. රජතුමා අඩිය තියන්න උඩට උස්සපු කකුලත් තාම එ් විදිහටම.
"ඔයා පඳුර උඩින් යන්න එපා. එතැන නරියා ඉන්නවා." මී පැටියා කීවා.
වලස්රජු බිමට නැමිලා බැලුවා. ඇත්ත නේන්නම්. නරියා එතැන ඇත්තටම ඉන්නවා. නරියාගෙ දිග මහත වලිගය නිසා රජතුමා නරියව අඳුන ගත්තා. වලස්රජු නරියව නොපාගා නරියට උඩින් ඉස්සරහට අඩිය තිබ්බා.
"ස්තූතියි! මී පැටියෝ.." වලස්රජතුමා කීවා.
වලස් රජතුමයි, මී පැටියයි කැලෑවෙ ඉස්සරහටම යනවා.
"නවතින්න!" මී පැටියා ආයෙමත් කෑ ගැහුවා. වලස්රජතුමා හිටිතැනම ගල් ගැහුනා. රජතුමාගෙ කකුල තාමත් උඩට ඉස්සුව විදිහටම තියෙනවා.
"ඔය කොළගොඩ උඩින් අඩිය තියන්න එපා. එතැන ඉත්තෑවා ඉන්නවා."මී පැටියා කීවා.
වලස් රජතුමා ඉස්සරහට නැමිලා හොඳට බැලුවා. ඇත්ත නේන්නම්. ඉත්තෑවා එතැනනේ. ඉත්තෑවව නොපෑගෙන විදිහට ඉත්තෑවට උඩින් රජතුමා අඩිය තිබ්බා.
"ස්තූතියි! මී පැටියො" වලස්රජතුමා කීවා.
ඊටපස්සෙ දෙන්නම ඉස්සරහට ඇවිදගෙන ගියා.
හිටපු ගමන් මී පැටියා ආයෙමත්: "නවතින්න!" කියල බෙරිහන් දුන්නා. වලස්රජතුමා හිටිහ තැන හිටිය විදිහටම නතර වුණා.
"තවපොඩ්ඩෙන් ඔයා හාවාව පාගලා අඩිය තියනවා."
වලස් රජ්ජුරුවෝ බිමට නැමුරු වෙලා බැලුවා. ඇත්ත නේන්නම්. පෑගෙන්න ගිය නිසා තවමත් බයෙන් ගැහෙන හාවව රජතුමා දැක්කා. හිමින් සීරුවෙ හාවව උස්සල ගත්ත රජතුමා හා පැටියව පාරෙ අයිනකින් තිබ්බා.
"ස්තූතියි! මී පැටියෝ" රජතුමා ආයෙමත් මී පැටියට ස්තූති කළා.
මී පැටියයි, වලස් රජතුමයි ආයෙත් ඉස්සරහට ඇවිදගෙන යනවා. මී පැටියා තවමත් රජතුමාගේ ඔටුන්න හයියෙන් අල්ලගෙන ඉන්නෙ.
කැලෑවෙ වටේ රවුමක් ගියා රජතුමයි, මී පැටියයි ආයෙමත් රජතුමාගේ කළුගල ගාවට ආවා. තමන්ගෙ ඔටුන්න මැද හිටිය මී පැටියව අර පරිස්සමින් උස්සල ගත්ත වලස් රජතුමා මී පැටියව කළුගල උඩින් තිබ්බා. එ්කරලා මී පැටියා ළඟ නැමිලා මී පැටියට ආචාර කරා.
"මී පැටියෝ, අද දවසෙ ඇතුළත ඔයා මට නොසෑහෙන්න උදව් කරා. ඔයා කැමතිද මගේ රාජකීය සහායක වෙන්න?"
මී පැටියට එයා ගැන කියාගන්න බැරි තරමේ ආඩම්බරයක් දැනුණා. ඔළුව අහසට ඉස්සුව මී පැටියා "ඔව්, ඔව්.. මම කැමතියි" කියලා සතුටින් උත්තර දුන්නා.
එකපාරටම වටින් පිටින් අත්පුඩි ඝෝෂාවක් ඇහුණා. වලස්රජතුමා පිටිපස්ස හැරිලා බැලුවා. කැලෑවෙ ඇතුළෙ ජීවත්වෙන හැම සතෙක්ම එතැන. ඉස්සරහින්ම ඉන්නෙ හාවයි, ඉත්තෑවයි, නරියයි.
"මී පැටියා අපේ වීරයා!" තුන්දෙනාම සතුට පළ කළා.
තමාට කැලෑවෙ රජ්ජුරුවො වෙන්න බැරිවුණත්, වීරයෙක් වෙන්න පුළුවන් වුණාට මී පැටියට තියෙන්නෙ කියා ගන්න බැරි තරම් සතුටක්.
කතාව:
Ginette Thomas
සිතුවම්:
Susan Varley
පරිවර්තනය:
Muthu Paba
කතන්දරය බූන්දිය හරහා කියවන්නට:
මී පැටියයි වලස් රජුයි
Read Users' Comments (4)
නෙතැඳි දසුනක්
Posted in Labels:
Sinhala
| Thursday, June 25, 2015
Read Users' Comments (0)
දැල ඇඹුවො - දළඹුවන් සහ සමනළයින්
Posted in Labels:
Sinhala
| Tuesday, June 23, 2015
පාට පාට
ලස්සන
සමනළයි
න්ට
කැමති
සමහරුන්මයි,
දළඹුවන්ට
අකමැති.
2015.06.20
Read Users' Comments (2)
ප‍්‍රශ්නාර්ථ සහ විශ්මයාර්ථ
Posted in Labels:
Sinhala
| Saturday, June 20, 2015
හැරදමා ගිය
ප‍්‍රශ්නාර්ථ
උත්තරත් සමග
ආයෙ එනවිට
ප‍්‍රශ්නාර්ථ නෑ
දැන්,
විශ්මයාර්ථ මිසක!
2015.06.19
Read Users' Comments (3)
නොගිලිහෙන මල්
Posted in Labels:
Sinhala
| Thursday, June 18, 2015
Read Users' Comments (2)
සුළඟකට
Posted in Labels:
Sinhala
| Sunday, June 14, 2015
සෘතුවෙන් සෘතුව
පැමිණ නික්මෙද්දි-
ඇයි,
සුළඟෙහි හඬ
විතරක්
හැමදාම එක වගේ?
2015.06.14
Read Users' Comments (1)comments
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
අනේ! ඉතින්.... මෙහාටත් ගොඩවැදුනට ස්තූතියි නොකියා කොහොමද....
ස්තූතියි!
සිංහල බාගන්න
Download Sinhala
මුතු වර්ග
Dutch
(5)
English
(21)
Sinhala
(246)
z - Books | පොත් පත්
(1)
z - Songs | සිංදු
(6)
ඉඟි බිඟි
(1)
කවි
(146)
පොඩ්ඩන්ට කතන්දර
(21)
පොඩ්ඩන්ට ලිපි
(3)
රූප කවි
(1)
ලිපි
(9)
ලොක්කන්ට කතන්දර
(9)
විශේෂ
(6)
හිනා ඉනා
(8)
පියගැටපෙළ
▼
2026
(1)
▼
July
(1)
ආ ගිය මතක
►
2025
(5)
►
November
(1)
►
October
(1)
►
September
(1)
►
June
(1)
►
February
(1)
►
2024
(2)
►
May
(2)
►
2023
(2)
►
October
(2)
►
2022
(8)
►
August
(2)
►
July
(5)
►
January
(1)
►
2021
(1)
►
May
(1)
►
2020
(4)
►
September
(1)
►
June
(1)
►
May
(2)
►
2019
(4)
►
July
(1)
►
May
(1)
►
April
(1)
►
March
(1)
►
2018
(2)
►
February
(2)
►
2017
(8)
►
October
(1)
►
September
(1)
►
January
(6)
►
2016
(1)
►
July
(1)
►
2015
(18)
►
December
(1)
►
September
(1)
►
August
(2)
►
July
(1)
►
June
(5)
►
May
(3)
►
April
(1)
►
March
(1)
►
February
(2)
►
January
(1)
►
2014
(30)
►
December
(1)
►
November
(3)
►
August
(4)
►
June
(1)
►
April
(1)
►
March
(5)
►
February
(9)
►
January
(6)
►
2013
(28)
►
December
(2)
►
November
(2)
►
October
(1)
►
September
(6)
►
August
(7)
►
July
(2)
►
June
(3)
►
May
(3)
►
April
(2)
►
2012
(34)
►
December
(1)
►
November
(2)
►
October
(2)
►
September
(1)
►
August
(4)
►
July
(11)
►
June
(11)
►
May
(1)
►
January
(1)
►
2011
(62)
►
December
(2)
►
November
(4)
►
October
(9)
►
September
(3)
►
August
(2)
►
July
(6)
►
June
(7)
►
May
(5)
►
April
(5)
►
March
(5)
►
February
(5)
►
January
(9)
►
2010
(60)
►
December
(3)
►
November
(3)
►
October
(2)
►
September
(3)
►
August
(8)
►
July
(5)
►
June
(3)
►
May
(4)
►
April
(6)
►
March
(7)
►
February
(9)
►
January
(7)
►
2009
(6)
►
December
(6)
රස මුසු තැන්
පුංචි පැංචියන්ට
මී පැටියයි වලස් රජුයි
මී දුවගෙ විවාහය
පළිඟු හදවත
ඇයි, නිල් අහස එච්චර දුර..?
නපුරු නරියා කරුණාවන්තයි
පැඩීගේ ඉස්සෙල්ලාම ඉස්කෝලෙ දවස
තෙමෙන්න බය කොබුස් පීනපු ලස්සන
ඇන්ටන් ගේ කුරුළු රංචුවට එකතු වුනු හැටි
නීනෝ - පුංචි කණාමැදිරියා
ආදරණීය ගස
පුරසාරම් කපුටා
දේදුන්න අයිති කාටද?
එක ලපයා වාසනා
ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො!!!
ක්වියි ජුන් සහ අහංකාර භික්ෂුව
පෝලෝ සහ දඟකාර නැගණිය
නිහඬතාව රත්තරං
වැරදි කළත් උදව් කරමු
බබූ බබයි යාළුවෝයි
අවලස්සන තාරාවා
අනංසි සහ නුවණ
මුකුත් නැති රජතුමා
අරුම පුදුම පුංචි මුට්ටිය
හිත කලබල චූටි දිකී
කූඹියා සහ තණකොළපෙත්තා
උත්සහවන්ත පුංචි කොළය
මට නිදාගන්න බෑ
සූරියකාන්තා
හිමට මිතුරු සුදු හිම මල
හිතමුතු හිත්
පීදෙන බ්ලොග් බිම්
කව්මුතු | Kavmuthu
ආ ගිය මතක
1 week ago
සිතුවිලි රළබිඳුම
කරවල කන්දොස්කිරියාව
1 month ago
PRABANDHA (ප්‍රබන්ධ)
1 year ago
කලාහිත.. Kalahitha
විල්පත්තුව වටා දෙදවසක්... A wild slog in to the Wilpattu wilderness (Part 1)
1 year ago
තෙරුවණ සරණ
5 years ago
Zijn Wij Anders
Leren omgaan met verandering
6 years ago
Nobody's Edge
මේ ලොව යම් තැනක ඔබ හොඳින් ඉඳීම !
6 years ago
"බිඟු නද"
මොහොතක් ඉඩ දෙන්න
6 years ago
මානව
එල් බී ඒකනායක - වියත් ලේඛකයකු පිළිබඳ මතක සටහන් අතර
6 years ago
දේශකයා
සරත් විමලසූරිය කොයි වගේද??
6 years ago
Sri Lanka Tourism Dialogue — සංචාරක ක්ෂේත්‍ර විමසුම - Medium
සංචාරක ව්‍යාපාරය රටේ ප්‍රධානතම අපනයන කර්මාන්තයක් වූ රටක බෝරා සමුළුව ගැන
6 years ago
හද ගී පොත...
අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!
7 years ago
අවකාශය/Awakashaya
නුඹ හට
8 years ago
මතක සේයා
මොන ජීවිතද මේ.....
8 years ago
අයින්ස්ටයින් උන්නැහේ නිවැරදි බව ඔප්පු කළ ජයිරස්කෝප්පුවා – 2 – නොදන්න මඟුල් කථා කරමු..
තත් සවිතුර්
8 years ago
වර්ණ
Carnival of love
8 years ago
හිතට දැනෙන හැමදේම තක්ෂිල සමග
9 years ago
හයිකු අද්දර
කෙටි කවි | 10
9 years ago
෴ කෙත් සෙවන ෴
~ ආච්චි අම්මා ~
9 years ago
My Poems, Recipes, English & Sinhala Lyrics, Quotes.....
Flowers from My Home to Yours!
10 years ago
අදහස්
එපා ආලය
10 years ago
බූන්දි|BOONDI
කවි බූන්දි | වේ උවදුර - [සුරේඛා සමරසේන]
11 years ago
අතරමග
ඔබ ඈත සඳ වී පායා......
11 years ago
දෝසි|DOSI
කතන්දර දෝසි | මී දුවගෙ විවාහය
11 years ago
රසකතා
ඇණය..!!
11 years ago
සූටික්කී ගේ විහඟ ගීතය ..
ආදරණීය සෙලෙස්තිනා
12 years ago
කටුසටහන්
12 years ago
ලිහිණි සර
මුහුණු පොත සහ ජනමාධ්‍ය
12 years ago
Stichting Amala
ONE VOICE by the Dalai Lama
12 years ago
මනුතාපය
ප්‍රත්‍යය
12 years ago
.
නුඹයි මගේ කවිය....
12 years ago
පිටස්තරයාගේ ලෝකය
කැත කූඹී...
13 years ago
රඟහල
චාරයක් නැති ඡායාරූප
13 years ago
සිතුවිලි පොකුර
සොබා දම් දිනිතිය
14 years ago
විඳින්න එන්න
පාත්තරයට.....................සිගා වැඩීම...???
14 years ago
෴ කිරි පැංචාගේ ලෝකය ෴
රස පලතුරක්
15 years ago
# සන්සරසිදු BlogSpot
ඔබ …
16 years ago
Frank, Gedichten en ander moois
Show 10
Show All
Copyright 2009
කව්මුතු | Kavmuthu
Free WordPress Themes
designed by
EZwpthemes
Converted into
Blogger Templates
by
Theme Craft
|
Falcon Hive
This template is brought to you by :
allblogtools.com
|
Blogger Templates
Add emoticons