බක්මහ අසිරිය
ළහිරු කිරණ හොරෙන් හොරෙන්
තුරුවැල් අතරින් පායන
ලස්සන මගෙ මිදුල පුරා
විලම්භීත රටා මවන
බුලත් හුරුළු අතේ දරන්
අම්මට තාත්තට වඳින්න
ආච්චිට සීයට වැඳලා
නව වසරට පා නගන්න
එරබදු ගහ මුදුනේ සිට
කොහා ගයන ගී අහන්න
පුංචි ළමයි දිව ඇවිදින්
නගන සිනා බලාගන්න
හිසතෙල් ගානා නැකතට
අහල පහල නෑයෝ සමග
ඔච්චම් කර හිනා වෙවී
ගමේ සාදු ළඟට යන්න
අඹ ගහ යට සෙවණැල්ලේ
පැදුරක් ගෙනැවිත් එලාන
රන්චු පිටින් වාඩිවෙලා
ඔළිඳ කෙළින හැටි බලන්න
රතිඤ්ඤා ගහ උඩ තියලා
පත්තු කරල දිව යන්නට
කන් වහගෙන හරි හරියට
ඒ දෙස හොරහෙන් බලන්න
කුඹුක් ගස් වලින් වට වුණ
වෙල අයිනේ පිරුණු ළිඳට
කාසි දෙක තුනක් දමලා
කළ පුරවලා දිය අදින්න
නොමැත නමුත් වාසනාව
සමරන්නට අවුරුදු මෙම
ටියුලිප් මල් ලන්තෙ ඉඳන්
ලියනෙමි කවි දුක නිසාම
මුතු පබා
2006.04.14
(ලංකාවිත්ති - 2009.අපි‍්‍රයෙල් කලාපය)
Read Users' Comments (3)













