නොකී වෑයම



කටු අතර මදහසකි. 
පිණි බිඳකි, 
කොපුලත හාදුවක් 
තබන.

ඉරි තැළුණ මිහිකතය
සුසුම්ලන-
අවදිකර නැවුම්
සුවඳක පහස.

විස්මයකි... 
ලදළු පීදෙයි 
දුරම දුර-
ඈත.

නුදුරේය
හඬක්,
පෙරමඟ බලන.

2 Response to "නොකී වෑයම"

  1. ලියෝනි අමරතුංග - සිතිවිලි මංපෙත says:
    August 29, 2026 at 7:28 PM

    හරිම අපුරුයි ඔබේ ඒ සංකල්පනාව. හිඳිමි බලා ඔබේ තවත් රසකවි රස විඳින්න.
    https://sithiwilimanpetha.blogspot.com/

  2. Eranga Perera (Muthu Paba) says:
    August 29, 2026 at 9:22 PM

    ස්තූති ලියෝනි...!!💐

Post a Comment

Show Emoticons