කියන් මේකුළ....
නිරුවත් අතු ඉති අතර
ගිමන් හරිනා සුදු වළාකුල
මාත් එක්කං පාව යනවද ?
මා උපන් මගේ බිම වෙත
හැල්මෙ දුවනා ලොවක් මැද මම
තනිවුණු සෙයක් දැනෙයි නිතරම
සහස් ගව්දුර ගතින් සිර වී
මනස වැලපෙන විටක තනියම
සිසිර සෘතුවෙ සීත පරදන
කඳුළු ඇද හැලෙයි අනෝරා වැසි ලෙස
සුවඳ සිරිලක දැනෙන ඉසිඹුව
මවන සිත්තම් නිමක් නෑ හද
වැවක රන් දිය තුරක කළඑළි
කුඹුරු අද්දර කැඩුනු පාරේ
සිතින් ඔකඳව මාද යනෙනා විලස
ඉතින් මේකුළ කියන් හනිකට
මාද අරගෙන දැන්ම යනවද ?
ගිමන් හරිනා සුදු වළාකුල
මාත් එක්කං පාව යනවද ?
මා උපන් මගේ බිම වෙත
හැල්මෙ දුවනා ලොවක් මැද මම
තනිවුණු සෙයක් දැනෙයි නිතරම
සහස් ගව්දුර ගතින් සිර වී
මනස වැලපෙන විටක තනියම
සිසිර සෘතුවෙ සීත පරදන
කඳුළු ඇද හැලෙයි අනෝරා වැසි ලෙස
සුවඳ සිරිලක දැනෙන ඉසිඹුව
මවන සිත්තම් නිමක් නෑ හද
වැවක රන් දිය තුරක කළඑළි
කුඹුරු අද්දර කැඩුනු පාරේ
සිතින් ඔකඳව මාද යනෙනා විලස
ඉතින් මේකුළ කියන් හනිකට
මාද අරගෙන දැන්ම යනවද ?
මුතු පබා
2008
January 2, 2010 at 6:16 PM
නිවාඩුවට ලංකාවට පැමිණ සිටින මොහොතක කියවන මේ කවියේ රස දැනෙන්නේ තවත් අපූරුතාවයක් එක් කරමිනුයි.
Rasika Suriyyarachchi
January 3, 2010 at 3:09 AM
බෑ බෑ...
ඔයාව ගෙනියන්න බෑ....
:)
ලස්සනයි....
/බිඟුවා...!
January 3, 2010 at 9:51 PM
රසිකයියා, බිඟුවා.... ස්තූතියි!
January 4, 2010 at 3:28 PM
අහිංසක බලාපොරොත්තුවක්. සිතේ ජනිත වෙන හැඟීම අපූරුවට උපමාවන් මුසුකරමින් පදවැලට නගල තියනව.
January 5, 2010 at 2:19 AM
:)
January 9, 2010 at 8:30 PM
කවි ටික, ලස්සනයි... සංවේදීයි..
ඒත් ඔයා අහලා නැද්ද, 'දේසේ හැටියට වාසේ' කියලා කතාවක්??
ඔයාට අඩන්නේ නැතුව, පුළුවනි බ්ලොග්ස් බලන්න,තව ඔය ඉන්න රටේ කට්ටියගෙන් අහගෙන ආවේණික කෑම ජාති හදන්න පුළුවනි,තව ලස්සන තැන් බලන්න යන්න පුළුවනි,ඉබාගාතේ ඇවිදින්නත් පුළුවනි.. ඇති වෙනකල් ෆිල්ම්ස් බලන්නත් පුළුවනි.. ඔය කාලේ ආපහු කවදාවත් එන්නේ නෑ..
පුළුවන් තරම් ජීවිතේ විදින්න.. එතකොට කාලේ යනවා දැනෙන්නේ නෑ..
මම නම් එහෙමයි.. දුකක් නොදැනෙන්නේ නෑ.. ඒත් ඔහොම චුරු චුරු ගාන්නේ නෑ..
ඔහොම ලත වෙවී ඉන්න, එතකොට වෙලාවක් නෑ..
January 10, 2010 at 4:09 PM
හ්ම්.... ස්තූතියි ! පිස්සා ඔයාගේ අදහස් වලට.... :)