කැලෑ මලක ගීතය



වනපෙතක නිදැල්ලේ පිය නගන විට
නීල තුරුපත් අතරින් මතු වුණ
කැලෑ මලක ගීතයක්,
මගේ දෙසවන වැකුණි

"නිහඬ නිසසල රාත්‍රියේ
මම මිහිකත මත සැතපුණෙමි
තැතිගැන්මෙන් මා කෙඳිරුවද,
මහත් සොම්නසකින් පෙළුනෙමි

පිරුණු බලාපොරොත්තු සහිතව
උදෑසනින්ම මම පිටවුණෙමි
සොයන්නට නැවුම් සතුටක්;
ඒත් අනේ! ලැබුණේ අවමානයකි"


[විලියම් බ්ලේක් | William Blake ගේ "The Wildflower's Song" කවියේ පරිවර්තනය.]

පරිවර්තනය: මුතු පබා


The People....



















The people who ask you
Never to leave them
May be the first to leave you !


Muthu Paba
21.01.2008

පොඩ්ඩයියාට

සුණු විසුණු



පුංචියට පුංචියට
අපේ
හීන මාළිගාවට

මං
එකතු කළ
අඩුම කුඩුම

නුඹ ඇය හා
භුක්ති විඳිනකොට

දැනෙන රසය
ගොඩක් මිහිරිද ?


මුතු පබා
2008.03.16

සමුගැන්මකට පසු



දුකඳුර තුරුළු කර
දෑසග හිරවුණු
කඳුළු සමගින
සමුනොගෙන සමුගතිමි.

දැන් ඉතින්,
අඳුරු කළු තනිකමෙන්
දැවෙන හදවත පුරා
සක්මන් කරමි....

හද පතුලෙහි
නිධන් කෙරූ,
රුවන් මතකයන්
සොයන්නට.
විඳින්නට හිමින් සීරුවේ
එක බැගින් ගෙන.

මිටින් මුදාහළ
කිරිලියක සේ,
පියාඹන තුරු
නැවත සෙවණට


මුතු පබා
2010.10.11

(ලංකාවිත්ති - 2010.නොවැම්බර් කලාපය)

සිහින කුමරුට

Image and video hosting by TinyPic

සුවඳයි පෙම මල් සුවඳයි
එළියයි පෙම රන්තරු එළියයි
ආදරෙයි මං ආදරෙයි
ඔබටමයි මේ ඇත්තමයි

හිත මගේ ඔබම හොයනවා
සිතුම් පොදි පිටින් පිපෙනවා

ජීවන ගීයම එළි කරයි
ඒ ඔබ තමයි මේ ඇත්තමයි
ඇවිදින් කියන් මට ආදරෙයි
මගේ සිහිනය ඔබ තමයි

සෙනෙහේ පොහොට්ටුව හිනැහිලා
පිපෙන්නට මග බලනවා

ඔබේ සුවඳට හද දුවයි
ජීවන සුවඳත් එය තමයි
සොයා එන්නකො හද මග බලයි
මා නුවන් පොඩි මුරණ්ඩුයි

සැනසෙන්නම් මා සැනසෙන්නම්
සිහිනයක් නොවී ඔබ එනවනම්


මුතු පබා
2006.08


සිහිනය මිහිරියි ඔබ ආවොතින් එය සුමිහිරියි....!!

මුලාව



කළුවර අහසේ
ගස් අතු අතරින්
මැවුණා එකපාරටම
නිවි නිවී දිලෙන
රතුම රතු තරුවක්

නෑ.. අයියෝ....

කොහාටද පියාඹන
අහස්නැවක්..


මුතු පබා
2007.04.20

පොරොන්දුව



රෙදි අම්මා මාව නාවලා
ගෙට ගත් දවසෙ,
අප්පච්චි ලොකුවට පාටියක්
දැම්මා මතකයි.
මාමලා නම් මං දිහා
රකුසු ඇස් වලින් බැලුවා.
ඒත් අප්පචි මට ලැබුණ
තෑගි සල්ලියෙන්,
එයාලා බීපු ණය ගෙව්වා.

කුඩම්මා ගමේ ගෙට
කැන්ඳන් ආපු දා,
අප්පච්චි මට 
හොඳටෝම ගැහුව මතකයි.
ඒ දවස් වල මං
හිරුට කළින් අවදිවෙලා
උයල පිහල ඉස්කෝලෙ ගියා.
මං බඩගින්නෙ
ගෙදර එනකොට,
කුඩම්මා මගේ කෑම පංඟුව
වයිටට දාලා තිබුණා.

මං අසනීපෙන් ගෙදර
හිටිය දවසක,
අප්පච්චිත් ගෙදර
උන්නා මතකයි.
තිබුණ අමාරුකම් නම්
එදා වැඩි වුණා.
ඒත් අසනීප පිටම මං
පහුවදා ඉස්කෝලෙ ගියා.

අද මගේ දුවත්
නාවලා ගෙට ගන්නවා.
අප්පච්චි කව්දැයි දුව
අදත් මගෙන අහයි !
පිළිතුර වෙනදාක
දෙන පොරොන්දුවෙන්
මං දුවව අදත් මග අරිනවා.


මුතු පබා
2008.05.22