අලුත් සිහින



අබල දුබල
සිතුවිලි
අතරින් පතර
සුපිපිණු

හසරැලිය

දෙනෙතක

නොවැරදුණු
ලුණුදිය කැට
රිසි සේ

රස විඳින


මුතු පබා
2012.06.15

සැබෑ දුක

තත්පරෙන් තත්පරය

වැහි කුරුලු සාදය

















හිරි හැර ලද
වැහි පොදෙන්
නිදිගැට ඇරගත්
කුරුල්ලෝ


අත්තෙන් අත්ත
හැරදා

බිමටැවිත්,
පියාපත් විදා
නටති


බල බලා හාත්පස
ගයති
කැඳවති
තවත්
බටිති මලිති


නිත්තෙන් ගයන
ගීත නවතා


ගයති වැස්සට
නැවත නැවතත්
නැවත නැවතත්

ප‍්‍රශංසා
තුති ගී


මුතු පබා
2012.06.06

(ලංකාවිත්ති - 2012 ජූලි කලාපය)


නොවිසා බැරිම තැන


බල්ලගෙ අහිංසක සිතුවිල්ල

අමුතුය මේ වසත් සම



පතපු වසන්තයට
වඩා,
ලබපු වසන්තය
සුමිහිරිය


සහස්රැස් කියා දෙන
කතන්දරයකි සු-වි-ශා-ල
ඊයෙට වඩා අද
මේ දැන්ම නරඹන්න


පැතුම් සඵල වූ නිසා
තුටින් දඟලන ළා දළුය
තුරුබඳ අතු ඉති වලට
කන්කරච්චලයක්ම වී


සුපිපෙන්න තරග කරනා
ඇබිත්තක් ඇස් ඇරපු
කැකුළුය,
බටිති මලිතියන් අවුස්සා තබන


සක්මනේ යන
නල රැල්ලෙත් එතී එන්නේ,
නම නොදන්නා මල්හි මන
සුසුවඳ සුසුවය.

ඇසුණත් නොඇසුණු
වස්සාන ගීතයමය

බලන බලනාත
පුරුදු වෙනසකි දෙනෙතට
නුපුරුදුය හිතට
වෙනස දනවන අරුම පුදුමය


රමණීය ලොව,
කවදටත් වඩා පැහැසරය!
මිහිර නැති වුණත්
කිම ඉතින්,
සුමිහිරිය හැම තැනම!
අමුතුය මේ වසත් සම!



මුතු පබා
2012.05.27

ඉවසිල්ල



රඟ දෙයි
මල්වෙඩි
අඳුරහසෙ
මහ හඬින්
නද දෙමින්


රිදෙයි
අහසට
එසැර


එහෙත්
නොකියයි
කිසිත්


විඳියි
එහි කැටි

කෙටි වු
ආයුෂ



මුතු පබා
2011.12.31