Gezien en zeker gehoord



Na telbare daden, ontelbare woorden 
een fijn gevoel, 
om een handje meer er voor ze te zijn. 
Niets is klein, niets is ooit voor niets 
zeker niet als het van binnen naar buiten schijnt... 

Zoveelste adem door de wind meegenomen 
zoveel tranen in de zee verdwenen, 
zoveel gedachten in het donker ontploften 
zoveel liefde voorgoed begraven. 

Maar toch... 

Elke stem die nog ongehoord is,
elke stem die nog niet genoeg gehoord is
zal blij zijn met hoop die ver weg verborgen ligt, 
met gouden waarde,
liefde die met elke stap dichterbij komt. 


- As if -


No eyes to see, no ears to hear,
Only a sea of endless sharing
Spilling habits without a heart,
Echoes lost, no one caring,
Yet they go on, as if.

17.07.2025

වෙරළු සුවඳ
















අම්මෝ අම්මිගේ වෙරළු අච්චාරුවේ රස 😌... දොලදුකක් එහෙම නම් නෙමෙයි ඔන්න. 

පුංච් සංදියේ පාන්දර පහට, පහමාරට අවදි වුන අවස්තා තිබුනා තරඟෙට වෙරළු ඇහිඳින්න යන්න. ඒ වෙලාවට කළුවර උනත්, කළුවරට ඇස් හුරුඋනාම වෙරළු උනත් ලෙහෙසියෙන්ම අඳුන ගන්න පුලුවන්... 

ඒ සුන්දර දවස්, දවසක් සැඩ සුලඟකගට අහුඋනා. වෙරළු ගහ මුලුමනින්ම පොලොවෙන් උදුරල බිම හෙළලා තම සුලඟ යන්න ගිහින් තිබ්බෙ. කොළ පාට, තැඹිලි පාට කොල වලින් සහ මලින් පිරිල ඉතිරිල තිබුන ආදරනීය වෙරළු ගස බිම පතිත වෙල තියෙනව දැක්ක මට දැනුනෙ හරියට නිකන්, හදවතෙන් කෑල්ලක් කඩන් ගියා වගේ... 🥹

අවසාන අස්වැන්න


(හේමන්තය නිසාවෙන් පූදින්නට නොහැකි වූ මල් පොහොට්ටුවක කවිය) 

මුකුලිත නොවී
සඟවමි හුස්ම පොද.
හිමිදිරියෙ 
ගල්ගැහෙන්නට,
පොරබදින කඳුළු තුළ.

2018.11.04

සීතල සුසුම

ඇසි පියන් දෙක සැලෙන වේගෙට 
ගැහෙන හිතෙ ගිණි බියක් හිරකර 
ඉමක් නොපෙනෙන දිගන්තය වෙත 
පණඩිංග මගෙ ගිහින් නොකියම 

තාලයක් නැත හිත බිඳෙන රාවෙට 
සුසුම් තැවරුණු මතක පොකුරට 
සෙනෙහෙ තවරා හාදු වැස්සක 
හුස්ම බදාගමි සිහිනයක් තුළ 

එළිය මැද රළු අඳුරෙ සීතල
හාරවුස්සා සොයමි මදහස 
කොහොමහරි ඉන් ටිකක් ලැබුණොත්
හොඳටෝම ඇති ළය සනසගන්නට

16.03.2024

#Gaza


හදවත නතර කළ හඬ


මර බයෙන් කෑ ගහන 
ඡායාරූපයකටත් 
පුළුවන්,
හදවතක් සියක් කෑලි 
කරවන්න...

හයක් හතරක් නොතේරෙන 
පොඩිම පොඩි 
හුස්ම පොදකටත් 
පුළුවන්,
දෙනෙත සාගරයකටත් වඩා 
පුරවන්න...

සතර අපායම 
සිඟිත්තෙක් අභිමුව
නින්නාද නගනකොට,
මොහොතකටවත්...
නතර නොමවෙන හදවතක්
ඉතින් වේද මේ ලොව තවත්...

කලා වැව සිපගන්න

 


කලා වැව සිපගන්න
ඇසළ සඳ කිරණ යට
දෙඞුව මුතු පබළු වැල් හඬනවා...
මා දමා ඔහු ගිහින්
යළි නොයෙන ලෙසින් දුර
ඇසළ සඳ යට මෙමා තනිවෙලා...

අපේ පෙම් රහස් ගැන
දැන උන්නු මල් පොකුරු
පුදුමයෙන් පිබිද බලනවා...
සුදුවතින් සැරසීලා
හඬන මා දෙස බලා
රෑ කුමරි මල් සොවින් මැලවෙනා...

කලා වැව තරහ නොවි
ඕලු මල් පුබුදන්න
නිමල නිර්මල සුවඳ ගල්වලා...
හිමිදිරියෙ මට ඉතින්
ඔහු වැළලු සොහොන් බිම
මල් වලින් පුරවන්න පේවිලා...

--

ගායනය: මේකලා ගමගේ
සංනාද:  රේණුක ශ‍්‍රියන්ත
ගේය කාව්‍ය: එරංගා පෙරේරා
නාද  සංකලනය: චලිඳු සංකල්ප


අතීතයෙන් බිඳක්



ජීවිතේ සමහරක් අවස්තාවන් තියෙනවා කවමදාවත් මතකයෙන් නැත්තටම, නැතිවෙලා නොයන. ඒ සමහරක් මතකයන් හිතට හරිම බරයි. හරියට නිකන්, හිත පතුලට අතඇරිය කළුගලක්, ආපහු ගොඩට ගන්න බැරුව, හිතපතුලෙම තියෙනවා වගේ. මේ ලියන්න යන්නෙත් එහෙම මතකයක් ගැන විස්තරයක්.

මේ සිදුවීම සිදුවුනේ මීට අවුරුදු 25 ට විතර උඩදි. ඒ දවස්වල අපි කුළියට හිටිය ගෙදර අයිතිකරුවන් හිටියෙත්, ඒ වත්තෙම පරණතාලෙට හදලා තිබුණ වලව්වක. ඒ වලව්වෙ වැඩට හිටියා, වයස අවුරුදු හතක් අටක් විතර වයසැති පුංචි පිරිමි දරුවෙක්. ඒ දරුවා කා එක්කවත් වැඩිය කතා බහක් නෑ. කතාව කෙසේ වෙතත් හිනාවෙන්නෙත් බයෙන් වගේ.

මට හරියට වෙලාව නම් මතක නෑ. කෙසේ හෝ වේවා දවසක් හොඳටම  රෑ වෙලා, කට්ට කළුවර වෙලා තිබුණ අවස්ථාවක, මම හිටියේ කුස්සියේ සීනි මුරුක්කු හදන ගමන්. ඒ වෙලාවෙ ගෙදර වෙන හිටියෙ ආච්චියි, නංඟියි විතරයි. ඒ දෙන්නා හිටියෙ රූපවාහිනියෙ වැඩසටහනක් නරඹමින්. මම සාලෙට ආව වෙලාවෙ දැක්කා, ඉස්තෝපු බිත්තියේ පුංචි වාකවුළු වලින් කව්දෝ අපේ ගේ ඇතුළ දිහා බලන් ඉන්නවා. 

දොර ඇරලා බලද්දි ඒ අර පුංචි කොලුවා. අපි එයාව ගේ ඇතුළට අරගෙන වාඩිවෙන්න පුටුවක් දුන්නා. මුලින්ම අපිට හිතුනේ රූපවාහිනිය නරඹන්න ආස නිසා හොරෙන් බලන් උන්නා කියලා. බැලින්නම් කොලුවා ඇවිත් තියෙන්නෙ බය නිසා. ගෙදර හැමෝම මහ රෑ ගමනක් ගිහින්, මේ කොල්ලව විතරක් ගෙදර තනියම තියලා. මම එළියට ගිහින් බැලුවමයි දැක්කෙ, ඒ ගිහිල්ල තියෙන්නෙත් ගෙදර හරියට විදුලිපහනක්වත් පත්තු නොකර කියලා.

"නෝනලා මහත්තයාලා ගමනක් ගියා, මම මේ හොරෙන් ආවේ" කියලත් ඒ ළමයා කීවා. මම හදපු සීනී මුරුක්කු ටිකක් එයාට කන්න දුන්නා. ඒ දරුවගේ ඇඟිලි සෑහෙන්න තුවාලවෙලා තිබුණ බව දැක්කෙ එතකොටයි. සමහරක් තුවාල වලින් එතකොටත් සැරව එනවා. මම ඊටපස්සෙ ඉස්සෙල්ලාම තුවාල පිරිසිදු කරලා පුළුවන් විදිහට බෙහෙත් දැම්මා.

දරුවා අපිත් එක්ක හිනාවෙවී ටික වෙලාවක් හිටියා. හැබැයි එයාගෙ කන තිබ්බෙ ගෙදර, මහ ගේට්ටුව ළඟ. "නෝනලා එන්න කළින් යන්න ඕනෙ", කියලත් වරක් දෙවරක් කීවා.

මම එයාට යනකොට අරන් යන්න දෙන්න කියලා, මල්ලකට මුරුක්කු ටිකක් දදා ඉන්නකොට,කොළුවා එක හුස්මට නැගිටිලා දුවගෙන අපේ ගෙදරින් එළියට ගියා, වාහනයක සද්දයක් ඇහිලා.

එදායින් පස්සෙ ඒ කොළුවා අපිව දැක්කත් දැක්කෙ නෑ වගේ ඉන්නවා. සති කීපයක් ගියාට පස්සෙ දවල්වරුවක, ඒත් ගෙදර කව්රුවත් නැතිවෙලාවක තමයි එයා කීවේ, එදා රෑ අපේ ගෙදර ඉඳන් එයා දුවන්  එනවා ගෙදර අය දැකලා, එයාට හොඳටම ගැහුවා කියලා.

මට ඉඳලා හිටලා තාමත් ඒ අසරණ මූණ මතක් වෙනවා. අම්මා තාත්තා හෝ පවුලෙ තමන්ගෙම කියලා වැඩිහිටියෙක් නැති වුණාම, පුංචි දරුවො කොච්චර අසරණ වෙනවද... 

අවුරුදු පහ හයකට උඩදි මම ලංකාවට ආව වෙලාවෙ අපි හිටිය ඒ ගෙදර පැත්තෙ නිකමට වගේ ගියා.

ඒ ළමයා හිටිය වලව්වෙ තිබුණ ගාම්භීරත්වය නම් ඒ වෙනකොට වැහැරිලා තිබුණෙ. ඒ වැහැරුණ වලව්වෙ උන්න ඒ පුංචි දරුවා, දැන් කොහේ ඇද්ද කියලා මට නිතරම හිතෙනවා. වලව්ව වැහැරුණාට ඒ දරුවා සම්බන්ධයෙන් තියෙන මතකය නම් කවදාවත් වැහැරෙන්නෙ නැති බවත්  මම හොඳාකාරවම දන්නවා.